රංජන් හෙළිකළ එජාප කැබිනට්ටුවේ කුඩ්ඩෝ අල්ලන්න ජනාධිපති ලේකම්කාර්යාලයේ විශේෂ පරීක්ෂාවක්!

Spread the love

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද කොකේන් ගහන බවට තමනට සැක ඇති වී තිබෙන්නේ යයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි.

කැබිනට් මණ්ඩලය තුල මත් ද්‍රව්‍ය භාවිතා කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් එම පක්‍ෂ මූලස්ථානයේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

කුඩු ගහන කොකේන් ගහන මැතිඇමැතිවරුන් සිටිත් නම් ඒක බරපතළ තත්වයක්. ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් ඉවත් කළහම කැබිනට් එකේ ඉන්නේ මාත්‍යවරුන් විසිඅටයි. ඒකෙනුත් පස් දෙනෙක් කුඩු ගහන බවටයි චෝදනාව.  සමහර විට වෙන්නත් ඇති නේද ?

පසුගිය අවුරුදු හතර තුළ මේ රටට වෙච්ච විපර්යාසය දිහා බලද්දි මන්ත්‍රිතුමන්ලා  ඇමතිතුමන්ලා විතරක් නොවෙයි  අගමැතිතුමාත් එහෙමද කියලා සැකයක් ඇතිවෙනවා. එහෙම නොවෙයි නම් පියවි සිහියෙන් ඉන්න කෙනෙකුට හම්බන්තොට වරාය අවුරුදු 198 කට චීනයට දෙන්න පුලුවන්ද ? පියවි සිහියෙන් ඉන්න කෙනෙකුට මේ රට කෑලි 10 කට කැඩෙන ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා එහි පළමු පිටුවේම ව්‍යවස්ථා කෙටුම්පත කියා තිබියදී එළියට ඇවිත් අපි නම් ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළේ නැහැ මේක බොරු කතාවක් කියලා කියන්න පුලුවන්ද ?

හැමදාමත් පාර්ලිමේන්තු ජෝක්ස් වල රඟපාපු රන්ජන් රාමනායක ඇමතිතුමා මේ මොහොතේ නම් කියලා තියෙන්නේ ඇත්තක් වගෙයි කියලා මේ මැතිඇමතිවරුන්ගේ හැසිරීම දැක්කහම මට හිතෙනවා. ලේ පරීක්ෂාවක් සිදු කිරීම, මත්ද්‍රව්‍ය හඳුනාගත හැකි සුනඛයන් පාවිච්චි කරලා මන්ත්‍රීවරුන්ගේ වාහන පරීක්ෂා කිරීම, ඒ වගේම ඇමැති මණ්ඩල රැස්වීමට එන්න කලින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ලේ පරීක්ෂාව සිදු කිරීම ඉතාම වටිනවා කියලා මට හිතෙනවා මොකද පසුගිය අවුරුදු හතරේ මේ ආණ්ඩුව කරපු දේවල් බලනකොට.

මම දන්නේ නැහැ කුඩු ගහලා හිටියද නැද්ද කියලා.  මොකද කුඩු ගහලා හිටිය ද නැද්ද කියලා මූන බලා කීමේ හැකියාවක් නම් මට නැහැ. මම ඉන්නා තැනක නම් කුඩු කොකේන් පාවිච්චි කරලා නෑ. රන්ජන් රාමනායක ඇමතිතුමා නම් ඒක දැකලා තියෙනවා.  ඉතින් එතුමාත් එතන සිටිද්දී පාවිච්චි කලාද නැද්ද යන්න අපි දන්නේ නැහැ. නමුත් කරපු කියපු දේවල් දිහා බලන විට නම් රංජන් රාමනායක අමාත්‍යවරයා ද  ගරු අග්‍රාමාත්‍යවරයාද  ඇතුළුව ආණ්ඩුවේ බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන සාධාරණ සැකය අපට ඇතිවෙනවා.

RSL

Related Posts