විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්

Spread the love

කැබිනට් මණ්ඩලයත් නොමග යවමන්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට නොතකා හරිමින් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වා නැවත වරක් පුද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීම අරඹා ඇත. කැබිනට් මණ්ඩලයේ ද, රටේ ද ඇස් වසා සිදු කොට ඇති අලුත්ම ටෙන්ඩර් මගඩිය සැකෙවින් මෙසේය.

1. කුප්‍රකට ගල් අගුරු වංචාවේ නම සදහන් වූ රාජ්‍ය නිලධාරීන් පිරිසක්, 2016.12.28 රැස්වීම පවත්වා ඩීසල් විදුලි බල උත්පාදනය සදහා යෝජනාවක් සකස් කරයි.

2. එම යෝජනාව අනුමත වී පැය 5 යන්නටත් පෙර පසු දින මුද්‍රණය කරන පුවත්පත් වල (2016 දෙසැම්බර් මස 29 දින) මෙගාවෝට් 60 ක අතිරේක විදුලි ධාරිතාවයක් මාස 6 ක් සදහා මිලදී ගැනීමට මිල ගනන් කැදවීය. දැන්වීම පළ කරන විට රු. මිලියන 5000 කට වැඩි මෙම මිලදී ගැනීම සදහා කිසිදු නිල අනුමැතියක් නොවීය.

3. පුවත්පත් දැන්වීමෙන් දිනකට පසුව විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ විසින් සකස් කරන ලද අංක 16/2774/727/056 දරණ කැබිනට් පත්‍රිකාවෙන් ‘විවෘත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවීම මගින් තෝරා ගැනීමට’ හා විදුලි බලය මිලදී ගැනීම සදහා හදිසි අවශ්‍යතාවයක් ඇති බව ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා ඉල්ලා සිටී. (කැබිනට් පත්‍රිකාවක් අවම වශයෙන් දින 7 කට පෙර කැබ්නට් කාර්යාලයට බාර දිය යුතුය. එසේ නම් මේ කැබිනට් පත්‍රිකාව සකස් කොට ඇත්තේ 2016 දෙසැම්බර් 28 රැස්වීමට පෙර බව පැහැදිලිය.)

4. 2017 ජනවාරි 16 උදේ 10 ට දක්වා ටෙන්ඩරය බාර ගැනිම සිදු කොට එදිනම මෙය අගයීමකට ලක් කොට, 2017 ජනවාරි 17 ප්‍රසම්පාදන මණ්ඩලය (කුප්‍රකට ගල් අගුරු ගනුදෙණුවේ කණ්ඩායමේ සාමාජිකයින් බහුතරයක් සමග) ටෙන්ඩරය හිමිවන සමාගම තෝරා ගනී. තාක්ෂණික ඇගයීම් කමිටුවට මිලදී ගැනීමේ වටිනාකම රු. මිලියන 6,268 කි.

5. 2017 ජනවාරි 18 විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා විදුලිබල මන්ඩලයට දැනුම් දෙනවා පෙබරවාරි 06ට කලින් ඇග්රිකෝ ඉන්ටර්නැෂල් සමාගම හරහා විදුලිය ජනනය ආරම්භ කිරීමට උපදෙස් ලබා දෙයි. (පැය 48 ක් තුල තාක්ෂණික ඇගයීම අවසන් කොට, ප්‍රසම්පාදන ක්‍රියවලිය අවසන් කොට, මිලදී ගැනීමේ නියෝගය නිකුත් කරනේ නේ අමාත්‍යාංශ ලේකම්වරයා ය.

6. මේ වන විට අදාල මිල දී ගැනීම කැබ්නට් අනුමැතියක් පවා නැත.

7. අදාළ මිලදී ගැනීම සදහා ජාත්‍යන්තර මිල ගණන් කැදවීම සදහා කැබිනට් මණ්ඩලය 2017 ජනවාරි 26 දින අනුමැතිය ලබා දෙන විට හොර පාරෙන් මිල දී ගත් ජෙනරේටරය තිබුණේ ලංකාව බලා පැමිණෙන නැවක සාගරය මැද්දේය.

8. ගල් අගුරු ටෙන්ඩය මගින් ඇතිකල රටක් මංකොල්ලකෑමේ ව්‍යාපෘතිය අද වන විට ඩීසල් විදුලි මාෆියාව නැවත ඇරඹීය ඔස්සේ ඉදිරි මාස 6 තුල රටට රුපියල් මිලියන 20,000 ක් අහිමි කරන ජාවාරමක් බවට පත් වෙමින් තිබේ.

විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍යාංශය මාෆියාව ගල් අගුරු සමාගමේ සභාපති ඉවත් කිරීමෙන් පසුව ගෙන්වූ පළමු ගල් අගුරු නැවේ එක් ටොන් එකක් සදහා ගෙවා ඇති මුදල ඇ.ඩො. 90 කි. අද විවෘත වෙළෙදපොළේ ගල් අගුරු ටොන් එකක වටිනාකම ඩොලර් 78 කි. ඒ අනුව, පළමු ගල් අගරු නැවෙන් රටට අහිමි වූ අලාභය රු. 11 කෝටි 56 ලක්ෂයක් හෝ එයට වැඩි මුදලකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වූ බරපතලම චෝදනාව දුෂිතයින් ආරක්ෂා කිරීමය. ගල් අගුරු වංචාව හෙළිදරව් කල මෛත්‍රී ගුණරත්න ට ජනාධිපතිවරයා විසින් නව තනතුරක් ලබා දී ඇත. නමුත්, මේ දැවැන්ත සොරකම සිදු කළ ඇමති-ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් දැන් ඩීසල් විදුලි මාෆියාවට අත ගසා තිබේ. ජනාධිපති මෛත්‍රීපාල මහතා විසින්ම පත් කළ අමාත්‍යවරයා සහ ලේකම්වරයා දිගින් දිගටම මෙලෙස කටයුතු කරන්නේ කෙසේ ද? යන්න ගැඹුරින් විමසිය යුතුව ඇත.

-රංජිත් කීර්ති තෙන්නකෝන්-

RSL

Related Posts