නීතිඥ සංගමයේ සභාපති පුටුව ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්සට

Spread the love

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඊයේ(20) පැවති නිල වරණයෙන් තේරීපත්ව තිබේ.

ඔහු ඡන්ද 4677ක් ලබාගෙන ඇති අතර එම ධුරය සඳහා තරග කළ නීතිඥ මහින්ද ලොකුගේ ඡන්ද 1415ක් ලබාගත්තේය. ඒ අනුව වැඩි ඡන්ද 3262කින් ඔහු සභාපති ධුරයට තේරීපත්ව තිබේ.

එම සංගමයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා අද ඡන්ද විමසුමෙන් තේරීපත්වුණි. ඒ සඳහා ඔහුට ඡන්ද 5074ක් ලැබී ඇති අතර එම තනතුර සඳහා තරග වැදුණු නීතිඥ සමන් වැලිඅංග මහතා ලබාගත්තේ ඡන්ද 903ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 4171කින් නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා නව ලේකම්වරයා ලෙස තේරීපත්වුණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහා 25 වන සභාපතිවරයා සහ ලේකම්වරයා තෝරා පත්කර ගැනීමේ නිලවරණයේ ඡන්ද විමසුම ඊයේ (20) පැවැත්වුණි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2019-2020 වසර සඳහා නව සභාපතිවරයා සහ ලේකම්වරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම අද උදෑසන 8.00 ට ආරම්භ වූ අතර එය පස්වරු 5.00 දක්වා මධ්‍යස්ථාන 84කදී පැවැත්වුණි.

දිවයින පුරා නීතීඥවරුන් 15,806ක් මෙහිදී ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියේය.

මෙවර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සහ නිතීඥ මහින්ද ලොකුගේ යන මහත්වරුන් තරග වැදුනු අතර එම සංගමයේ ලේකම් ධුරය සඳහා නීතීඥ කෞෂල්‍ය නවරත්න සහ නිතීඥ සමන් වැලිඅංග යන මහත්වරුන් තරග වැදුණි.

මොවුන් ඊයේ සිය ඡන්දය භාවිත කළේ කොළඹ දිසා අධිකරණ පරිශ්‍රෙය්දීය.

සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මෙම නිලවරණයේ තේරීම් භාර නිලධාරීවරයා වශයෙන් කටයුතු කළේය.

එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරු විසින් ඒ ඒ අධිකරණවලදී තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කරනු ලැබුවේය.

RSL

Related Posts