යාපනයේ මාධ්‍යවේදියකුට පොලිසිය පහර දෙයි! පහර දුන් අයි.පී. අත්අඩංගුවට ගන්න නියෝග!

Spread the love

යාපනයේ දෙමළ මාධ්‍යවේදියකුට පහර දුන් බවට සැක කෙරෙන පොලිස් පරීක්ෂකවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු නියෝග කර තිබේ.

යාපනයේ කොකුවිල් ප‍්‍රදේශයේ නිවසකට 19 වැනිදා දහවල් පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේදී අදාළ ස්ථානයට ගිය යාපනයෙන් විකාශනය වන විදේශීය රූපවාහිනී චැනලයක නඩරාජා කුගරාජා නමැති මාධ්‍යවේදියාට පොලිස් පරීක්ෂකවරයකු බැන තර්ජනය කොට අනතුරුව පහර දී තිබේ.

පහර කෑම නිසා තුවාල ලැබූ මාධ්‍යවේදියා මේ සම්බන්ධයෙන් යාපනයේ කෝපායි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව යාපනය නගරාධිපතිවරයා ඇතුළු විශාල පිරිසක් මේ සිද්ධිය පිළිබදව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන මෙන් උතුර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

ඒ අනුව එම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු නියෝග කර ඇත.

නමුත් සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් පරීක්ෂකවරයා අසනීප තත්ත්වයක් මත රෝහල් ගතව සිටින බව කෝපායි පොලිසියේ නිලධාරියෙක් කියා සිටියේය.

RSL

Related Posts