අපේ ආණ්ඩුව හොරකම් කලාට මීනී මරන්නේ නෑ.. පැහැරගන්නේ නෑ..

Spread the love

වත්මන් රජයේ ඇතැම් සොරකම් තිබුනත් පසුගිය රජය මෙන් මිනී මැරුම්, පැහැරගැනීම් සිදු කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,

“රටේ තරුණ පිරිස බලාපොරොත්තු සමුදායක් මැද ජීවත් වෙනවා. ඇතැම් තරුණ තරුණියන් බලාපොරොත්තු විරහිතව ජීවත් වෙනවා. නමුත් එවැනි තරුණ තරුණියන්ට සෞඛ්‍ය සේවයට අවතීර්ණ වීමේ දොර මම විවෘත කර තිබෙනවා. සාමාන්‍ය ජනතාවට නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීම තුලින් ජනතා සේවාවක් ඉටු කර තිබෙනවා. මැරෙන්න සිටින සෑම පුරවැසියෙකුටම ජිවිතය ලබාදෙනවා. මිනිස් ජීවිත වල වටිනාකම මනුෂ්‍යකමින් බැලිය යුතුයි. නමුත් සමහරු හිතනවා ඇති නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීමත් පසුගිය රජයේ ව්‍යාපෘතියක් කියලා. නමුත් අපේ රජයේ ප්‍රචාරය මදි. මාධ්‍යයත් හොයන්නේ වැරදි විතරයි. ශ්‍රව්‍යාබාධිත දරුවන් වෙනුවෙන් විශේෂ සැත්කමක් රජයේ රෝහල්වල ආරම්භ කර තිබෙනවා. විදේශීය රටක එවැනි සැත්කමක් සිදු කිරීමට වැයවන මුදල රුපියල් ලක්ෂ 36 ක්. මේ වනවිට දරුවන් 100 කට වැඩි පිරිසක් එම සැත්කමට ලක් කර තිබෙනවා.

දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ මට ආත්ම ශක්තියක් ඇති වූයේ දරුවන්ගේ ඉල්ලීමකටයි. තැලසීමියා රෝගීන් වෙනුවෙන් මහනුවර මහ රෝහලේ ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නතර වූ බව ඔවුන් මට දැනුම් දුන්නා. නමුත් මම එම දරුවන්ට ප්‍රකාශ කළා තැලසීමියා වාට්ටු සංකීර්ණය ඉදිකර අප්‍රේල් මාසයේ දී විවෘත කරන බව. මම යළි රජය ලබාගැනීමේ සටන ආරම්භ කිරිමට ආත්ම ශක්තිය ලැබුනේ එම දරුවන්ගේ ඉල්ලීම මතයි. එදින සිට අරලියගහ මන්දිරය සටන් මධ්‍යස්ථානය කර ගනිමින් රජය යළි ලබාගැනීමේ අරගලය ආරම්භ කළා. අපේ රජයේ හොරකම් තිබුනත් මිනී මැරුම් නැහැ. නමුත් පසුගිය රජයේ මිනීමැරුම්, සොරකම් තිබුනා. පානදුර ප්‍ර දේශයේ දෙවන ජාතික රෝහල ඉදිකිරීමට මම පියවර ගන්නවා. රුපියල් මිලියන 22000 ක් ඒ සදහා වැය කරනවා. පානදුර කේතුමතී රෝහල සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 14000 ක් වැය කරනවා. රෝහල් ගණනාවක් දිවයින පුරා සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් මතු වුනා. එම ඖෂධ හිඟය මගහරවා ගැනීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ අවස්ථා 03 ක දී ගුවන් මගින් ලංකාවට ගෙනවිත් තිබෙනවා. මාර්තු මාසය අවසන් වන විට ඖෂධ හිඟය අවසන් කිරීම මගේ බලාපොරොත්තුවයි. පසුගිය වසර 03 තුල මම කිසිදු ඖෂධයක් හිඟයකින් තොරව ලබාදුන්නා. ඕනෑම දෙයක් වනසන්න ගත වන්නේ කෙටි කාලයයි. නමුත් එය යළි සැකසීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් මේ වන විට ඖෂධ වර්ග 73 ක මිල අඩු කර තිබෙනවා. තවත් ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමට පියවර ගන්නවා. එවිට ඖෂධ වර්ග 100 ක මිල අඩු කිරීම නිසා වෙළෙදනාමයෙන් යුත් ඖෂධ වර්ග 1000 ක මිල අඩු වෙනවා. පසුගිය වසර 03 තුල නොමිලේ අක්ෂි කාච, ස්ටෙන්ස් ලබාදීම සදහා මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු මුදලක් මම ලබාගත්තේ නැහැ. සෞඛ්‍ය සේවාව තුල තිබූ දුෂණ වංචා නැති කරමින් තමයි මම මුදල් සොයා ගත්තේ. 2019 වසරේ එම සේවාවන් ඉටු කිරිමට මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් බිලියන 10 ක මුදලක් ඉල්ලා තිබෙනවා.”

RSL

Related Posts