“ඇය විටෙක මට මවක් වගෙයි..” සත් වසරක ප්‍රේමයෙන් උපන් සදාදරණීය බැඳීම මෛත්‍රී ස්මරණය කළ සංවේදී මොහොතක්..

Spread the love

මගේ දේශපාලන ජීවිතය සහ පෞද්ගලික ජීවිතය ගත් කළ මට තිබෙන ලොකුම ශක්තිය ඇයයි..
විටෙක ඇය මට මවක් වගෙයි..
ලෝකයේ කවුරු නින්දා, උපහාස කළත් එදා මෙන් අදත් ඇය පිස දෙන බත්මුල මගේ රජ භොජුනයි..

මේ ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන තම (ජනාධිපති ආර්යාව) ආදරණීය බිරිඳගේ ආදරය සහ සෙනෙහස පිළිබඳවත්, වසර ගණනාවක් පුරාවට පෙම්වතුන් ලෙස නොසැලී, නොතැවී, නොබිඳී වෙලී ආ ප්‍රේමයේ සදාදරණීය මතකයන් ආවර්ජනය කළ සංවේදී මොහොතක දිගහැරුණු ඔහුගේම වදන්ය.

මින් පෙරද අපට ජනාධිපතිවරු, ජන නායකයින් සිටියහ.
ඔවුන්ගෙන් සමහරු අපේ ලෝකයෙන් බොහෝ ඉහළ තලයක ජීවත් වුණු ඇත්තෝ වූහ.
සමහරුන් අපේ සරල පහළ ලෝකයෙන් පැමිණ ජනපති පදවිය ලැබූ පසු ඔවුන් අපෙන් වසන් වී ජීවත් වූහ.
අපේ පන්තියේ තවත් සමහරුන් අපේ ගැමිකමට ආදරය පෙන්වමින් රජකමට අර අදිමින් අලුත් ලෝකයන් තනමින් ජීවත් වුහ.

එහෙත් අපේ සමාජ පන්තියෙන් ඉපිද, අපි වැනි හැඟීම් දැනීම් සහිතව, ජීවිතය, ආදරය ජයගන්න අපි වැනිම උත්සහ කළ අපේ පන්තියේ අයෙකු ජනාධිපති වූ පසුවද අපි සමඟ අපේ අයුරින් හැගීම් බෙදාහදා ගනිමින් කතා කළා නම් ඒ මෙතෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පමණි. ඔහු තරම් තම පෞද්ගලික ජීවිතය සහ ආදරය අප සමඟ අව්‍යාජ ලෙස අපේ ශෛලයෙන් බෙදාහදා ගත් ජන නායකයෙකු මෙතෙක් හමු වී නොමැති බැව් දැනෙන්නේ ඔහුගේ ආදරයේ ප්‍රකාශනයන්ට පවා අප කෙතරම් අකාරුණිකව පහරදී ඇද්ද යන්න ඔහු විසින් දිගහරින තම ආදර කතාවේ සංවේදීත්වය දැනෙන විටදීය.

අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස..
නොහැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ..

තාත්තා වුනත් මා බත සරි කරන..
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින..

RSL

Related Posts