අධිකරණයට බලපෑම් කරන්න එජාපය පාර කපන හැටි එජාප මන්ත්‍රීවරුම හෙළි කරයි!

Spread the love

එක්සත් ජාතික පක්ෂය අධිකරණයට බලපෑම් කිරීමේ ප්‍රවේශ මාර්ගයක් ලෙස ව්‍යවස්ථාදායක සභාව යොදාගැනීමේ අවදානම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම නීති විශාරදයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් විශේෂ අනාවරණයක් අද (14) සිදුකළේය.

ව්‍යවස්ථාදායක සභාව මෙරට තිබෙන දේශපාලනීකරණය වූ ඉතාමත්ම දූෂිත ආයතන කිහිපය අතරින් එකක් බවත්, ජනාධිපතිවරයාට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවත් කර ගැනීමට මෙම ව්‍යවස්ථාදායක සභාවෙන් ඉඩ ලබා නොදෙන බවත් ඔහු අනාවරණය කර සිටියේය.

මෙම සභාව මඟින් නිර්දේශ කරන බොහෝ අවස්ථාවන්හිදී අපක්ෂපාතී සහ සාධාරණ නොවන බව මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් ද ගෙනහැර පාමින් මෙම චෝදනා ඉදිරිපත් කළේය.

මෙම ව්‍යවස්ථාදායක සභාව තවදුරටත් පවත්වාගෙන යාම රටට ඉතාම අහිතකර බවත් එය වහා අවලංගු කල යුතු බවත් සදහන් කරන ඔහු තමන් ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන්
ව්‍යවස්ථාදායක සභාවේ ඕනෑම අයෙකු සමග විවාදයකට සූදානම් බවද පැවසීය.

අද එක්සත් ජාතික පක්‍ෂයේ සිටින නායකයන් කිසි කෙනෙකු රටට ආදරේ නැතිබවත්, ඔවුන් තීන්දු ගන්නේ රට ගැන සිතා නොවන බවටත් ඔවුනගේ අරමුණ රටම විකුණා මඩිය තර කර ගැනීම බවත් ඔහු චෝදනා කරයි.

RSL

Related Posts