ලංකාවේ අලූගෝසු තනතුරට විදේශිකයිනුත් ඉල්ලයි; ඇමරිකානුවෙක්ගෙන් විශේෂ ඉල්ලීමක්

Spread the love

ශ‍්‍රී ලංකාවේ එල්ලූම් ගස ක‍්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අලූගෝසු තනතුර සඳහා ඉල්ලූම්පත‍්‍ර කැඳවා ඇති අතර, ඒ සඳහා විදේශිකයින්ද ඉල්ලුම් කර ඇතැයි වාර්තාවේ. මේ අතර එම රාජකාරිය සඳහා ඇමෙරිකන් ජාතිකයකුද ඉල්ලූම් පත‍්‍රයක් එවා ඇතැයි බන්ධනගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

ශ‍්‍රී ලංකාවේ කිසිවෙකු තමා හඳුනන්නේ නැති බව ද මෙම වෘත්තිය සඳහා දැඩි කැමැත්තක් දක්වන බව ද ඒ අනුව මෙම රැකියාව ලැබේවි යැයි තමා සිතන බව ද දන්වමින් එම විදේශිකයා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත විද්‍යුත් තැපෑලෙන් මෙම අයැදුම් පත‍්‍රය එවා තිබේ.

මෙම තනතුර සඳහා ශ‍්‍රී ලංකාවේ පුද්ගලයකු යොදා ගන්නවාට වඩා තමා යොදා ගැනීම වැදගත් බව ද හෙතෙම මෙම අයදුම්පත‍්‍රයෙන් කරුණු පෙන්වා දී තිබේ.

RSL

Related Posts