2500න් පවුලක් කන හැටි කියාදුන් බන්දුල, රවීගෙන් ඇන ගනී (විඩියෝ)

Spread the love

පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ආර්ථික කටයුතු සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමාට භාර විෂය කරකියා ගත නොහැකිව අසරණ වූ තැන රුපියල් 2500 කින් පවුලකට කාබී ජිවත් විය හැකියැයි කෙබර ගසා තම දැනුමේ තරම සහ කෙරුවාවේ තරම පෙන්වමින් අනුන්ගේ චීත්ත පටි ඇඹරූ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධනට, විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රහාරයක් එල්ලවී ඇත.

දේශපාලන කඳවුරු දෙකෙහි විෂයානුබද්ධ ප්‍රතිවාදීන් දෙදෙනකු වන හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රවී කරුණානායක නිරන්තයෙන් ගැටෙන දෙදෙනකු වේ. බන්දුල ගුණවර්ධනටත් තම ඇමති කම අහිමි කරමින් 2015 ආණ්ඩුව බිහිවූ දා සිට ඔහුගේ ඉලක්ක ගත ප්‍රතිවාදියා වුයේ එජාපයේ උපනායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකය.

එහෙත් රවී කරුණානායකට මුදල් අමාත්‍යධුරය අහිමිවෙමින් ඔහු විදුලිබල හා බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ බන්දුල ගුණවර්ධන දැනුවත් හෝ නොදැනුවත්ව තමා නොදන්නා විෂයක් ගැන පුද්ගලවාදයේ සිට රවී කරුණානායකට පහරදීමට ගොස් අසරණව ඇත. යන්නේ කොහෙද මල්ලේ පොල් පහරකින් ඇනගත් බන්දුල ගුණවර්ධන සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට රවී ලබා ඇත්තේ කදිම කිසිකන පිළිතුරකි.

එම පිළිතුර පහත විඩියෝවෙන්..

RSL

Related Posts