අවුරුද්දේ නරක ප්‍රතිඵල!

පුවත් වාර්තා සඳහන් කරන පරිදි අවුරුදු සමය අවසන් වෙද්දී සිදු වූ රිය අනතුරුවලින් 50කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. මෙය ඉතා ඛේදවාචී තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. පසුගිය සමයේ විශාල වශයෙන් මෙරටට වාහන ආනයනය කෙරුණු අතර ඒවා බොහොමයක් විධිමත් ව නිෂ්පාදනය කරන ලද ඒවා නොවේ. ජපන් තාක්ෂණය යැ යි කියා ගනිමින් යාන්තමින් ඉන්දියාවේ ඇටවූ බොහෝ වාහන එහි මීටර පුවරුවේ …

Continue Reading

මෙන්න ආණ්ඩුවේ හොඳ වැඩක්!

වරදට වරද කියා කෙළින් කියමින් චෝදනා කරන්නට හැකිවාක් මෙන් ම හොඳ දේට හොඳ යැයි කියමින් පසසන්නට ද කොන්දක් තිබිය යුතු ය. නියම මාධ්‍ය කලාවක හරය එයයි. හැමදා ඍජුව, අනම්‍යව, අචලව රජයේ වැරැදි විවේචනය කරන අපට ඔවුන්ගේ හොඳක් කියන්නට ද අවස්ථාවක් කලාතුරකින් වුවද ලැබී තිබේ. රාජ්‍ය ආයතන, ව්‍යස්ථාපිත මණ්ඩල සහ සංස්ථා ආදියට කෙරෙන පත්වීම් (සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්) සඳහා සලකා …

Continue Reading

ආණ්ඩුව දෙදරයි?

වත්මන් රජය යනු බලවත් එකක් නොවේ. එය මුක්කු ගසාගෙන, සක්ක ගසාගෙන දුවන්නකි. මේ ආණ්ඩව තුළ අනෙක් ඒවාට වඩා ගැටුම් තිබෙන බව සත්‍යයකි. විවිධ දේශපාලන මත දරන, විවිධ දේශපාලන න්‍යායපත්‍ර දරන කණ්ඩායම් විශාල ගණනකින් සැදුම් ලද බැවින් ගැටුම් වෙනත් ආණ්ඩුවක තිබෙනවාට වඩා වැඩි ය. නවත ම දේශපාලන ආරංචි මාර්ග අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන්නට …

Continue Reading

මැයි 01දා ශ්‍රී. ල. නි. ප.ය ට තීරණාත්මකයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භින්න වීමේ තීරණාත්මක දිනය මැයි 01 වැනි දා වනු ඇතැ යි දේශපාලන ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම මැයි රැළිය ගාල්ලේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙරටු කරගෙන සිටින ඒකාබද්ධ විපක්ෂය යැ යි හඳුන්වා ගන්නා කණ්ඩායම වෙන ම මැයි රැළියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මේ වන විට ස්ථිර වී ඇත. …

Continue Reading

ශ්‍රී ලංකන් එයාර් – ලැජ්ජ නැති වර්ජන!

රටටත් මහජනතාවටත් දැවැන්ත බරක්ව පවතින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවය සම්බන්ධයෙන් මතුව ඇති කතිකාව හැරී තිබෙන්නේ එකී ආයතනය ප්‍රතිව්‍යූහගතකරණය කෙරෙන දිසාවට ය. මේ කටයුත්තට සපුරා එරෙහිව ශ්‍රී ලංකන් එයාර් අායතනයේ වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩවර්ජනයකට යාමේ සූදානමක් ඇති බව අප පුවත් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේවාට කිව යුත්තේ, ලැජ්ජ නැති වර්ජන කියා ය. මෙයට පෙර, පුද්ගලීකරණය කර එමිරේට්ස් සමාගම සතුව …

Continue Reading

ළඟදි ම ගෙදර යන ඇමැතිවරු කවුද?

අලුත් අවුරුද්දට පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. යහපාලන කිරිකලයට ගොම මුසු කළ සහ කරමින් සිටින ඇමැතිවරු කිහිපදෙනෙක්ගේ පට්ටම් අහිමි වෙන්නට යන බව දැනගන්නට ඇතත්, ඒ ගැන ඇත්තේ සැකයකි. අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, රිෂාඩ් බදුර්දීන් වැනි කිහිපදෙනෙක් ම පසුගිය සමයේ හැසිරුණේ අත්තනෝමතිකව සහ රටට හානිකර ලෙස බව බොහෝ දෙනාගේ මතය …

Continue Reading

අධ්‍යාපනය ඉවරයි!

අකිල විරාජ් වැනි අයෙක් අධ්‍යාපන ඇමැති ලෙස පත් කිරීම සුබවාදී ලෙස දුටු අය සිටිති. තරුණයෙක් අත අධ්‍යාපනය තැබීමෙන් අධ්‍යාපනයේ ගැටලු විසඳගැනීමට හැකි වෙතැ යි ඔවුන් සිතුවා විය හැකි ය. අකිල විරාජ් ඇමැතිවරයා ද ඒ බව කටින් බතල කොළ හිටවමින් කියා සිටියේ ය. කෙසේ වෙතත් අකිල විරාජ්ගේ අධ්‍යාපනයේ තරම, කුලියාපිටිය අසාධාරණයට ලක් වුණු දරුවා සම්බන්ධ ප්‍රශ්නයේ දී රට ම දැන ගත්තේ …

Continue Reading

අර්ජුන ඔයා කවුද?

තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා සභාපතිත්වය දරන ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කරන්නැ යි අර්ජුන රණතුංග කරන ලද ප්‍රකාශය හෙළ දැකිය යුතු ය. මෙයට පෙරද අප ප්‍රකාශ කළ පරිදි තිලංග සුමතිපාල වැනි බුකිකාරයෙක් ද මේ තනතුරට සුදුසු නොවුණත් දැන් පත්වීම් ලද ඔහුට වැඩ කරගෙන යාමට කාලය දිය යුතු ය. ක්‍රිකට් සමාජ නිලධාරීන්ට ගුටි බැට දෙමින් පවා අර්ජුනලා කමිටුවේ …

Continue Reading

සිරිලියක් ද හෙරලියක් ද?

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මේජර් තිස්ස ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්න ඔන්න මෙන්න තිබෙන බව පසුගිය කාලයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණත්, එසේ සිදු නොවී ය. ලංකාවේ තිබෙන නීතියට ඉහළින් ඩීල් දේශපාලනය තිබෙනවා ද යන පැනය, හුදී ජනතාවගේ සිතිවිලිවල නැවත වරක් ඇඳී යන්නට එය හේතු විය. එකී තාජුඩීන් ඝාතන පරික්ෂණවලට ම අදාළ ව රතුකුරුස සංවිධානය විසින් …

Continue Reading

කිරි ඉතිරේවා නව වසරේ!

ශ්‍රී ලංකාව ඍතු මාරුවීම් රහිත රටක් වුව ද අප්‍රේල් යනු මෙරට වසන්ත කාලය යි. මුළු සිරිලක ම පාහේ අවුරුදු සිරියෙන් ඇළැලෙන සමය යි. සැමදා ම වාගේ සුබවාදී බලාපොරොත්තු ඉතිරෙන සමයයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරනවා යැ යි ජ්‍යෝතිෂයේ පැවසෙන මේ සමය හා බැඳුණු සිරිත් විරිත් සංස්කෘතිකාංග ගණනාවකි. පවුල් පාලනයක් පෙරලා දමා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නටත්, රට සංවර්ධනය කරා ගෙන …

Continue Reading