විලි ලැජ්ජා නැතිකම ෆීල්ඩ් මාෂල්කමටත් වැඩිය ලොකු යි!

පිනට අමාත්‍ය සරත් ෆොන්සේකා විසින් ජනතා මුදලින් ගෙන්වන්නට යන සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව් වර්ගයේ රථයක් ගැන පසුගිය දිනවල විවිධ ආරංචි පැතිර ගියේ ය. එහි වටිනාකම ලක්ෂ 700ක් බව ද සමහර ආරංචිවලින් කියැවිණි. කෙසේ වෙතත්, මේ පිළිබඳ අගනා හෙළිදරව්වක් සරත් ෆොන්සේකා ඇමැතිවරයා සහභාගි වූ රූපවාහිනී වැඩ සටහනකින් දකින්නට ලැබුණි. සරත් ෆොන්සේකා යනු මෙරට දේශපාලනයේ අහඹුවකි. ඔහු දන්නා දේශපාලනයක් නැත. තම පුද්ගලික බල වුවමනාව, …

Continue Reading

බක් පෝය අදයි!

බක් පොහොය දිනය අදට යෙදී තිබේ. නව අවුරුද්දක් එළැඹෙන වසන්ත සමයෙන් ඇළැලෙන මෙම බක් පොහොය බෞද්ධාගමිකයන්ට වෙසෙස් වැදගත්කමක් දරන්නකි. මෙරටට බුදුන් වහන්සේ දෙවැනි වරට පා තැබුවේ බක් පුන් පොහෝ දිනයක බව බෞද්ධ විශ්වාසය යි. චූලෝදර – මහෝදර නම් නා රජුන් අතර නාගදීපයේ ඇති වූ යුද්ධය සන්සිඳවන්නට එවර බුදුන් වහන්සේ පැමිණි බව බෞද්ධ පොත්-පත්වල සඳහන් වෙයි. එමෙන් ම බෞද්ධ ඉගැන්වීම් අනුව, …

Continue Reading

බදු වැඩි වුණත් බිල වැඩිවෙන්නේ නැහැලු

එලඹෙන 02 වැනිදා සිදු කෙරෙන බදු සංශෝධනයෙන් විදුලි බිල්පත්වල සහ ජල බිල්පත්වල සංශෝනයක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. දැනට පවතින වැට් බදු ප්‍රතිශය 11% සිට 15% දක්වා ඉහළ දැමීමක් සිදු වන අතර එහිදී ජල හා විදුලි බදු …

Continue Reading

ධීවර ඇමැතිගේ මාධ්‍ය ලේකම් හොඳ සිහියෙන් ද?

ඊයේ (20) දිනයේ විවිධ මාධ්‍යවල ප්‍රධානකොට පළ වූ පුවතක් වූයේ, ශ්‍රී ලංකාවේ මාලු අපනයනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති තහනම මැයි 21 දා සිට ඉවත් කර ඇති බව ය. ධීවර හා ජලජසම්පත් සංවර්ධන අමාත්‍යංශ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ඩබ්ලිව්.එම්.ඩී. වන්නිනායක ඒ සම්බන්ධ මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබූ අතර එය බොහෝ තැන්වල මාතෘකාවක් බවට පත් ව තිබුණි. පසුව ඔහු ම නැවතත් …

Continue Reading

මහින්ද කිරුළපන රැළියට යාම ස්ථිරයි!

හිටපු ජනපති මහන්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මැයි පළමුවැනිදා ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට සහභාගි නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය නමින් හඳුන්වාගන්නා පිරිස කිරුළපන දී පවත්වන මැයි රැළිය වෙත සහභාගිවීම ස්ථිර බවත් රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. දිගින් දිගට ම මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද ප්‍රමුඛ පිරිසට සහනශීලී ප්‍රතිපත්තියක් දැක්වූ බව පසුගිය මෑත දේශපාලන ඉතිහාසය …

Continue Reading

පූජිත! කරනව නං මෙන්න වැඩ!

කොටකෙතන දී ඉකුත් වසරේ කාන්තාවක් ඝාතනය කෙරුණු අතර එය සිදු කරන ලද්දේ ඇගේ ම පුත්‍රයා විසින් බව කියමින් කහවත්ත පොලිසිය විසින් කරුණු ගොනු කරන ලදී. මෙරට තුච්ඡ, නින්දිත මාධ්‍යකරුවන් විසින් එම බාලවයස්කාරයාගේ සේයාරූ පළ කරමින්, අධිකරණයක සාධාරණ නඩු විභාගයකින් තොරව වැරදිකරුවෙක් කරන ලදී. ඔහුගේ සේයාරූ සෑම මාධ්‍යයක ම පාහේ කිසිදු සංස්කරණයකින් තොරව පළ කරන ලද අතර සිය පෙම්වතියට අවුරුදු තෑග්ගක් …

Continue Reading

අධ්‍යාපනයට කෙළවීම ස්ථිරයි!

කෙළවනවා යන වචනය ග්‍රාම්‍ය වහරේ යෙදෙන වචනයකි. රීඩ් ශ්‍රී ලංකා මාධ්‍ය භාවිතය තුළ අප රකිනා පත්තරකාර උරුමයක් තිබෙන අතර අපි ඒවා ගැන නිබඳව සැලකිලිමත් වන්නෙමු. ඒ සියල්ල තිබිය දී ම අපි නොසරුප් වචනයක් සේ ද ගිණිය හැකි කෙළවනවා යන වචනය මේ ප්‍රවෘත්තිය සඳහා යොදන්නට තීරණය කළෙමු. මෙයට දින කිහිපයකට පෙර අප පුවතක් වාර්තා ක‍ළේ අධ්‍යාපන පරිපාලන සේවයට දෙන්නට යන දේශපාලන …

Continue Reading

පූජිත ජයසුන්දර පොලිස්පති වීම ගැන වෙනස් කතාවක්!

පොලිස්පතිවරයා පත් කිරීම ව්‍යවස්ථා සභාවට අනුව සිදුවීම සුවිශේෂී කරුණකි. මන්දයත්, මෙය පෙර පොලිස්පතිවරයා පත් කෙරුණේ බලයේ සිටින ජනපතිවරයාගේ අත්තනෝමතයට නිසා ය. ජනපතිවරයා විසින් නම් තුනක් පොලිස්පති තනතුර සඳහා යෝජනා කර එවා තිබුණි. ඒ අතර වැඩ බලන පොලිස්පතිවරයාගේ නම ද සඳහන්ව තිබූ අතර ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දරගේ නම යි. සමාජ මාධ්‍ය ජාලවල පවා ජනප්‍රියත්වයක් …

Continue Reading

සම්බන්ධන්ගේ ප්‍රකාශය වැරැදි ද?

විපක්ෂ නායක සේ ම ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතිවාදී මත දරන්නන්ගේ මාධ්‍යන්හි විශාල වශයෙන් එයට විරුද්ධව මත දක්වමින් යනු මේ දිනවල දක්නට ලැබෙන්නකි. සම්බන්ධන්ගේ එම ප්‍රකාශය රට දෙකඩ කරවන, හෙළා දැකිය යුතු ප්‍රකාශයක් ද? සම්බන්ධන් කියා ඇත්තේ, ද්‍රවිඩ ජනතාව පිළිනොගන්නා ව්‍යවස්ථාවක් ගෙන එන්නට ඉඩ නොදෙන බව ය. මෙම ප්‍රකාශය ම වෙන කරුණක් අරභයා වෙනත් දේශපාලන නායකයෙක්, …

Continue Reading

ජනපති මඩු වලිගය අතට ගනියි ද?

එළැඹෙන 02 වැනිදා සිට වැට් බද්ද 15% දක්වා වැඩි කරන්නට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය ජනපතිවරයා විසින් විවේචනයට ලක් වී ඇත. ජනපතිවරයා සහ ආණ්ඩුව අතර 100% එකඟතාවක් නැති බව අපි කවුරුත් පාහේ දනිමු. මහින්ද රාජපක්ෂ කේක් කෑල්ලක් වැනි රටක් බාර දුන්නා යැ යි කියමින් පූූච්චානම් කතා කීවාට බරපතල ණයක් සහ හිස් භාණ්ඩාගාරයක් සහිත ආර්ථික වශයෙන් අර්බුදයට ගිය රටක් ඉතිරි කළ …

Continue Reading