විලි ලැජ්ජා නැතිකම ෆීල්ඩ් මාෂල්කමටත් වැඩිය ලොකු යි!

Spread the love

Gen.Sarath-Fonseka

පිනට අමාත්‍ය සරත් ෆොන්සේකා විසින් ජනතා මුදලින් ගෙන්වන්නට යන සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව් වර්ගයේ රථයක් ගැන පසුගිය දිනවල විවිධ ආරංචි පැතිර ගියේ ය. එහි වටිනාකම ලක්ෂ 700ක් බව ද සමහර ආරංචිවලින් කියැවිණි. කෙසේ වෙතත්, මේ පිළිබඳ අගනා හෙළිදරව්වක් සරත් ෆොන්සේකා ඇමැතිවරයා සහභාගි වූ රූපවාහිනී වැඩ සටහනකින් දකින්නට ලැබුණි.

සරත් ෆොන්සේකා යනු මෙරට දේශපාලනයේ අහඹුවකි. ඔහු දන්නා දේශපාලනයක් නැත. තම පුද්ගලික බල වුවමනාව, රටේ දේශපාලන පරිවර්තනයක වුවමනාව සමඟ සමපාත වීමෙන් ෆොන්සේකා මෙරට දේශපාලනයේ චරිතයක් බවට පත් විය. අදාළ රූපවාහිනී වැඩසටහනේ දී සරත් ෆොන්සේකා පෙන්වා සිටියේ ලැජ්ජා නැතිකම මහමුදලිකමට නොව ෆීල්ඩ් මාෂල්කමටත් වඩා ලොකු බව ය.

තමන් ගන්නා වාහනය ලක්ෂ 400ක් නොව එය ලක්ෂ 300ක් බවත් තමා ජනතාවට ලක්ෂ 100ක් ඉතිරි කර දුන් බවත් කියා සිටි ෆොන්සේකා විලි ලැජ්ජා නැතිකම ෆීල්ඩ් මාෂල්කමටත් වැඩිය ලොකු බව වඩා හොඳින් ඔප්පු කළේ ය.

RSL

Related Posts