පාඩුව රු. ලක්ෂ 3650.21 – ජනතා මුදල් ගිලින බහිරවයෙක්!
ශ්‍රී ලංකාවේ ජනතා මුදල් ගිල දමන බහිරවයන් අතර ඉදිරියෙන් ම සිටින බහිරවයෙක් ලෙස, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැක්විය හැකි ය. ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට රුපියල් ලක්ෂ 3650.21ක ලාබයක් ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. මෙරට පවතින වත්මන් දේශපාලනයේ අවලස්සන ම කටයුත්තක් වන කිසිදු සුදුසුකමකින් තොර දේශපාලන හෙංචයියන් රාජ්‍ය ආයතනවලට රිංගවීම ඉතා සරුවට සිදු කළ ස්ථානයකි, මේ ඛනිජ …
Continue Reading
අර්ජුනට වරාය ඇමැතිකම නැති වෙයි ද?
පසුගිය දා වරායේ සේවකයන් උපවාසයක් ආරම්භ කළේ, අවුරුදු අත්තිකාරම් ලබා නොදීම සහ වෙනත් ඉල්ලීම් කිහිපයක් ද වරාය ඇමැති අර්ජුන රණතුංග සහ එහි සභාපති ඔහුගේ සොයුරා ඉවත් කරන ලෙස ද ඉල්ලා සිටිමිනි. මේ තත්වය සම්බන්ධයෙන් අදාළ වෘත්තිය සමිති නියෝජිතයන් සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (11) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහි දී අවුරුදු අත්තිකාරම් ඇතුළු අනෙක් ඉල්ලීම් අගමැතිවරයා විසින් ලබා දීමට පොරොන්දු …
Continue Reading
ජනපති මෛත්‍රී අනතුරක් අභියස!
මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙන බව කරුණු කාරණා සලකා බැලීමේ දී පැහැදිලිව පෙනී යන්නකි. පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය විසින් පසුගිය දා එම කරුණ මතු කර තිබුණි. හිටපු ජනධිපතිවරුන්ට සහ ජනාධිපතිනියට සාපේක්ෂව වත්මන් ජනාධිපතිවරයා බොරු සෝබන කටයුතුවලින් ඈත්ව සිටියද ස්වකීය ආරක්ෂාව ගැන සැලකිලිමත්වීම බොරු සෝබන කටයුත්තක් නොවේ. ලක්ෂ ගණනක ජනතා කැමැත්තෙන් පත් වූ ජනපතිවරයෙක් යනු තමන්ගේ ජීවිතය …
Continue Reading
මන්ත්‍රීවරුන්ට ආචාරධර්ම!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්නට යන බව සැලයි. ඇත්ත වශයෙන් ම කියනවා නම්, එය අත්‍යාවශ්‍ය කටයුත්තක් බවට පත්ව තිබුණේ බොහෝ කලෙක සිට ය. 1970ට පමණ එපිට යුගයේ නම් පාර්ලිමේන්තුවට පත් ව ගියේ අමුතුවෙන් ආචාර ධර්ම උගන්වා හැදිය යුතු පිරිසක් නොවේ. එහෙත් 1970 දශකයෙන් පසුව වාගේ මහජන නියෝජිතයන් ලෙස පත් සාතිශය බහුතරය වූයේ බල්ලො මරා හෝ සල්ලි ටිකක් උපයා …
Continue Reading
කරුංකා නිදහස් කළේ රවිගේ බලපෑමට ද?
කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතියකින් තොර ව මෙරටට ගෙන්වූ කරුංකා පුවක් කන්ටේනර් විශාල ප්‍රමාණයක් ඉතා සුළු දඩ මුදලක් ගෙවා හොර රහසේ නිදහස් කර යවා ඇතැයි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. මේ පිටුපස රේගුවට අයත් බලවත් දේශපාලන හස්තයක් ඇති බව දැනගන්නට ඇත. රවි කරුණානායක ඇමැතිවරයාගේ ක්‍රියාමාර්ග හේතුවෙන් රටට බලවත් පාඩු සිදුවෙන බව රේගු නිලධාරින් පසුගිය සමයේ ඍජුව ම චෝදනා කළෝ ය. බදු …
Continue Reading
අර්ජුන, ඔය තාලය හරියන්නේ නැත!
වරායේ සේවකයන් කිහිපදෙනෙක් උපවාසයක් අරඹා ඇත. තම අවුරුදු දීමනාව කප්පාදු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම උපවාසය කරන පිරිස අර්ජුන රණතුංග ඇමැතිවරයාට සහ ඔහුගේ සොයුරු ධම්මික රණතුංගට වරාය විනාශ කරනවා යැ යි චෝදනා කරති. පැවැති දුර්දාන්ත පාලනය ජනතාව විසින් පෙරළා දමනු ලැබුවේ, එහි පැවැති ගෝත්‍රික අශිෂ්ට සහ අත්තනෝමතික ක්‍රියාවලියත් බරපතල ඥාති සංග්‍රහය නිසාත් බව අමතක නොකළ යුතු ය. …
Continue Reading
මහින්ද! මෛත්‍රීගෙන් මෛත්‍රිය ඉගෙන ගන්න!!
ආරක්‍ෂාවට යොදා සිටින යුද හමුදා සෙබළුන් ඉවත් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි. ආරක්ෂාවට සිටි හමුදා සෙබළුන් 103ක පිරිස ඉවත් කර පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළු අනුයුක්ත කරන බව පෙරේදා (7) ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි නිල වශයෙන් දැනුම් දුන්නේ ය. කෙසේ වෙතත් හිටපු ජනපති පවසන අයුරින් ජනපතිවරයා මේ …
Continue Reading
තෙවරප්පෙරුමගේ ඇමැතිකම සහ රටේ හිනාව!
පසුගිය දා ජනපතිවරයා විසින් තවත් ඇමැතිධුර 3ක් පිරිනැමුවේ ය. ඉන් දෙකක්, තම පක්ෂ අර්බුදය විසඳාගැනීම වෙනුවෙන් සහ අනෙක අගමැතිවරයාගේ මනදොළ පුරවාලීම වෙනුවෙන් බව සිතිය හැකි ය. මනුෂ නානායක්කාර යනු රාජපක්ෂ පාලනයේ ප්‍රකට හිතවතෙකි, සුරතලෙකි. ලක්ෂමන් සෙනෙවිරත්න යනු ද මෙරට දේශපාලනයේ අන්තිම පාරාජිකා චරිතයකි. ඇමැතිධුර අඩු කිරීම වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරය කරමින් ජයගත් ජනපතිවරයා මෙලෙස තව තවත් ඇමැතිධුර අල්ලස් ලෙස ලබා දීම …
Continue Reading
විදුලි බල මණ්ඩලය හොර ගුහාවක්!
ලංකා විදුල බල මණ්ඩලය යනු අතිශයින් දූෂිත ආයතනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහි අරක්ගෙන සිටින නිලධාරි පැළැන්තිය ඉතා සංවිධානාත්මකවට කූට ආකාරයෙන් විදුලි අර්බුදය පිටින් දමා තම මඩිය තර කරගන්නා බව ඊයේ (7) වැනි දා පාර්ලිමේන්තුව ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හෙළ කර සිටියේ ය. මොන ආණ්ඩුව මාරු වුවත් මේවායේ අරක්ගෙන සිටින ප්‍රේත කුම්භාණ්ඩයන් මෙන් නිලධාරි රොත්තක් …
Continue Reading
සමන්තභද්‍රගේ අභද්‍ර වැඩ!
ප්‍රකට මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙකු සහ යුගයේ බුදු දහම නැසීමේ ප්‍රමුඛයෙක් වන සමන්තභද්‍ර නමින් තමන් ව හඳුන්වාගන්නා පිටිදූවේ සිරිධම්ම චීවරධාරියා ගැන තොරතුරක් රීඩ් ශ්‍රී ලංකා වෙත දැනගන්නට ලැබුණි. අපිස් දිවිය ම උතුම් කොට සැලකූ බුදුන් වහන්සේගේ දහම තොග පිටින් අභද්‍රකරණය කරන මේ සමන්තභද්‍ර ළඟක දී රාජ්‍ය පාලනය ගැන ද ගොබ්බ දේශනාවක් කළේ ය. බෞද්ධයන්ට තමා බෞද්ධබව කියන්නට පවා ලැජ්ජා හිතවන තාලයේ …
Continue Reading