අර්ජුන, ඔය තාලය හරියන්නේ නැත!

Spread the love

arjuna-ranathunga

වරායේ සේවකයන් කිහිපදෙනෙක් උපවාසයක් අරඹා ඇත. තම අවුරුදු දීමනාව කප්පාදු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම උපවාසය කරන පිරිස අර්ජුන රණතුංග ඇමැතිවරයාට සහ ඔහුගේ සොයුරු ධම්මික රණතුංගට වරාය විනාශ කරනවා යැ යි චෝදනා කරති.

පැවැති දුර්දාන්ත පාලනය ජනතාව විසින් පෙරළා දමනු ලැබුවේ, එහි පැවැති ගෝත්‍රික අශිෂ්ට සහ අත්තනෝමතික ක්‍රියාවලියත් බරපතල ඥාති සංග්‍රහය නිසාත් බව අමතක නොකළ යුතු ය. අර්ජුන රණතුංග අැමැතිවරයා වනාහී ඒ රාජපක්ෂ පන්නය ඉදිරියට ගෙන යන්නට තතනන සුළු පිරිස අතරින් කෙනෙකි. ඔහුගේ ප්‍රසිද්ධ මැදිහත්වීම්වලදී පෙන්වන උද්දච්චභාවයම ඊට නිදසුනකි.

පසුගිය දිනක, ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා වන තමීර මංජුගේ වාහනයක රියදුරා දිවයින පුවත්පතට අයත් ත්‍රිරෝද රථයක රියදුරෙකුට දැමූ චණ්ඩිපාට් නිසා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි. “ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා” යැ යි ජනවහරේ කියන්නේ මේ තාලේ සිදුවීම්වලට ය.

ඉතින් අර්ජුන, ඔය තාලය හරියන්නේ නැත!

RSL

Related Posts