තෙවරප්පෙරුමගේ ඇමැතිකම සහ රටේ හිනාව!

Spread the love

palitha_thewarapperuma

පසුගිය දා ජනපතිවරයා විසින් තවත් ඇමැතිධුර 3ක් පිරිනැමුවේ ය. ඉන් දෙකක්, තම පක්ෂ අර්බුදය විසඳාගැනීම වෙනුවෙන් සහ අනෙක අගමැතිවරයාගේ මනදොළ පුරවාලීම වෙනුවෙන් බව සිතිය හැකි ය. මනුෂ නානායක්කාර යනු රාජපක්ෂ පාලනයේ ප්‍රකට හිතවතෙකි, සුරතලෙකි. ලක්ෂමන් සෙනෙවිරත්න යනු ද මෙරට දේශපාලනයේ අන්තිම පාරාජිකා චරිතයකි.

ඇමැතිධුර අඩු කිරීම වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරය කරමින් ජයගත් ජනපතිවරයා මෙලෙස තව තවත් ඇමැතිධුර අල්ලස් ලෙස ලබා දීම අතිශයින් ආචාරවිරෝධී වනවා සේ ම එය ජනතා බලාපොරොත්තු සිඳ බිඳ දැමීමකි. පක්ෂය තුළ ඇතිව ඇති බල අර්බුදය වෙන ම කතාවකි. එය විසඳා ගැනීමට මෙවැනි අල්ලස් දීම පිළිගත නොහැක්කකි. අනෙක් අතට පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට ඇමැතිධුරයක් පිරිනැමීම සලකා බලමු.

පාලිත තෙවරප්පෙරුම නියෝජනය කරන්නේ, මෙරට අතිශය ග්‍රාම්‍ය දේශපාලන සංස්කෘතියක් බව කවුරුත් පාහේ දනිති. කාණුවක් කපන්නට, මිනියක් ගොඩ ගන්නට තමා ම මැදිහත්වන ජනතාවගේ හිත හොඳ වීරයා වීමේ දකුණු ඉන්දියානු වීරයා වැනි ජවනිකාවක් රඟ දක්වන මොහුගේ ක්‍රියාකාරිත්වයේ තරම පසුගිය මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඒ පෙදෙසේ ජනතාව දැක ගත්තෝ ය. කිසිදු අන්දමකින් ඇමැතිධුරයකට සුදුසුකම් නැති තෙවරප්පෙරුමට දුන් ඇමැතිකම ද වයඹ සංවර්ධනය කරන්නට ය. එය ලබා දී ඇත්තේ කලුතර අයෙකුට ය.

මහින්ද රෙජිමයේ සියලු දුර්ලක්ෂණ සම්මුතිවාදී ආණ්ඩුවේ ද දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙන බව කාට කාටත් දැන් පෙනී යයි. මෙවැනි සමහර තීරණ රටේ හිනා ජනිත කරනවා මිස අන් යමක් කරන්නේ නැත.

RSL

Related Posts