සමන්තභද්‍රගේ අභද්‍ර වැඩ!

Spread the love

pitiduwe

ප්‍රකට මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙකු සහ යුගයේ බුදු දහම නැසීමේ ප්‍රමුඛයෙක් වන සමන්තභද්‍ර නමින් තමන් ව හඳුන්වාගන්නා පිටිදූවේ සිරිධම්ම චීවරධාරියා ගැන තොරතුරක් රීඩ් ශ්‍රී ලංකා වෙත දැනගන්නට ලැබුණි.

අපිස් දිවිය ම උතුම් කොට සැලකූ බුදුන් වහන්සේගේ දහම තොග පිටින් අභද්‍රකරණය කරන මේ සමන්තභද්‍ර ළඟක දී රාජ්‍ය පාලනය ගැන ද ගොබ්බ දේශනාවක් කළේ ය. බෞද්ධයන්ට තමා බෞද්ධබව කියන්නට පවා ලැජ්ජා හිතවන තාලයේ වැඩ කරන මේ අබබ්බ භික්ෂූන් පාලනය කරන්නට මහනායකහිමිවරුන්ට ද නොහැකි මන්දැ යි කුකුසකි.

තමන් බුද්ධත්වයට පත් වූවා යැ යි පවසන, එසේ ම අමුතු ධර්මාසන තනවාගෙන බුද්ධ පර්යංකයෙන් වැඩ හිඳිමින් අභද්‍ර වචන පවසන සමන්තභද්‍රගේ අභද්‍ර වැඩක් අපට දැනගන්නට ලැබුණි.

ඒ නම්, ගාල්ලේ පසල් ගමකට ගොස් වටු කුරුල්ලන් මිල දී ගැනීමට විමසා ඇත. කුමකට දැ යි විමසා ඇතියෙන් දැනගන්නට ලැබී ඇත්තේ වටු කුරුලු බිත්තර පෝෂ්‍යදායක බැවින් හිමිවරුන්ට ගුණදායක බව ය.

සියලු මස් මාංශවලින් සපිරි ආහාර සමඟ කේක් කපා උපන් දින සමරන සමන්තභද්‍ර චීවරධාරියාට වටු කුරුලු බිත්තර කෑම අරුමයක් නොවේ. ඒවා සොයා යාම අපිටදු අරුමයක් නොවේ. අරුමය ඇත්තේ, මෙවන් චපල වංචාකාරීන්ට නිර්මල බුදු දහම පවතින්නේ යැ යි කියාගන්නා රටක මුග්ධයන් රැවටී තිබෙනු දැක්මෙනි.

RSL

Related Posts