දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කොටගෙන ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම නතර කර ගැනීමට දෙමළ ජාතික සන්ධානය කිසිවිටෙකත් ආණ්ඩුවට සහාය ලබාදෙන්නේ නැති බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ පසුගියදා මඩකළපුවේදී පැවැති එම පක්ෂ තරුණ සමුළුව අමතමිනි. එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය. දෙමළ ජනතාවට තවමත් සම්පූර්ණ නිදහස ලැබී නැහැ. …

Continue Reading

ජනපතිට හොරෙන් ජනාධිපති කාර්ය සාධක බලකායට කොටියෙක් රිංගවලා

ජනාධිපතිවරයාගේ අනුදැන්මකින් තොරව උතුරු නැගෙනහිර සංවර්ධන ජනාධිපති කාර්යය සාධක බළකායේ උතුරු පළාත් උපදේශක ලෙස රජය පත් කර ඇත්තේ කොටි ත්‍රස්තවාදීන්ට සහාය පළ කරමින් රාජ්‍යද්‍රෝහී ලෙස කටයුතු කළ අයෙකු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. ඊයේ(28) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මේ බව පැවසීය. “උතුරු සහ නැගෙනහිර සංර්වධන ජනාධිපති කාරය සාධක …

Continue Reading

අලූත් ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම ෆෙඩරල් බවට සම්බන්ධන්ගෙන් සහතිකයක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ෆෙඩරල් ලක්ෂණවලින් සමන්විත වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් අවධාරණය කර ඇත. තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කොළඹදී පැවැති අතර එහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ ඔහු මේ බව කියා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් හා විශේෂඥ කණ්ඩායම් මඟින් සකස් කරන ලද වාර්තාවල ෆෙඩරල් ලක්ෂණ දක්නට ලැබෙන බවද මෙහිදී සම්පන්දන් පෙන්වා …

Continue Reading

උතුරට ෆෙඩරල් පාලනයක් අවශ්‍යමයි! දෙමළ සන්ධානයේ අනෙකුත් පක්ෂත් කට අරියි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති විද්වත් වාර්තාව තමන් නොපිළිගන්නා බව දමිළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂයක් වන සෙල්වම් අඩෙක්කලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ පක්‍ෂය පවසයි. එම පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම වාර්තාව වඩාත් හොඳින් අධ්‍යයනය කර බැලීමේදී එම වාර්තා ප්‍රතික්‍ෂේප කරනවා හැර තමන්ට වෙනත් විකල්පයක් නොමැති බවයි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. සිංහල මෙන්ම දමිළ ජනතාවත් හමුදාවත් …

Continue Reading

එදා 13 ට එරෙහිව සටන් කළ ජවිපෙ අද ෆෙඩරල් ගේන්න උදවු කරනවා

මේ රටේ තරුණයන් 60,000ක් මරණයට ගොදුරු කරමින් එදා ජේවීපිය 13 එපා කියා එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කළත් අද ඊටත් එහා ගිය ෆෙඩරල් පාලනයක් ගෙනැවිත් රට බෙදන්නට සූදානම් වන බවත් දමිළ ජාතික සන්ධානයට, මුස්ලිම් අන්තවාදීන්ට, එක්සත් ජාතික පක්ෂයට හෝ ජේවීපියට වුවමනා ආකාරයට රට විනාශ කරන්නට ඉඩ දිය නොහැකි බවත් සිංහලේ විමුක්ති පෙරමුණේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ ප්‍රකාශ කරති. නව ආණ්ඩුක්‍රම …

Continue Reading

එජාපය, දෙමළ සන්ධානයේ ප්‍රාණ ඇපයට!

තම ජාතිවාදී, බෙදුම්වාදී වුවමනාවන් ඉටුකර ගැනීමට දෙමළ ජාතික සන්ධානය, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථා ක්‍රියාදාමය වේගවත් වී දැනට ඔවුනට නොනිල වශයෙන් උතුරු සංවර්ධන අමාත්‍යාංශය ලැබී ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මෙසේ ද සඳහන් කළේය. “අද දින මව්බිම …

Continue Reading

අපි රනිල්ට සහාය දුන්නේ පිනට නොවෙයි.. පොරොන්දු ගණනාවක් මතයි.. ව්‍යවස්ථාව ඉන් එකක්!

අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට සහය දෙමින් එජාප ආණ්ඩුවක් වෙනුවෙන් එක් වූයේ පිනට නොව අපගේ ඉලක්ක සහ අවශ්‍යතා ඉටුකරගැනීමට බවත්, ව්‍යවස්ථාව ඉන් එකක් බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ, ‘අගමැතිවරයාට විශ්වාශය පලකිරීමේ යෝජනාව …

Continue Reading

සුමන්තිරම් කේරළ ගංජා ඡාවාරම පිටුපස..?

නොනිල අගමැති ලෙස රටම දන්නා දෙමළ ජාතික සන්ධානයේ යාපනයේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පොලිසියට කතා කර දකුණු ඉන්දියාවත් උතුරත් අතර සිදුකෙරෙන කේරළ ගංජා ගෙන ඒමේ ජාවාරමට සම්බන්ධ තමන්ගේ ආධාරකරුවන් නිසා වහාම නිදහස් කරන්න කියා නියෝග කර තිබෙන බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් පසුගියදා අනාවරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු …

Continue Reading

එජාපය අද දෙමළ සන්ධානයේ සිරකරුවෙක්!

වර්තමානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ සිරකරුවෙකු වී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍රනී පවිත‍්‍රා වන්නිආරච්චි පවසයි. ඊයේ(09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව පැවසීය. “ආණ්ඩුව සිටින්නේ ඔවුන්ගේ ස්වභාවික මරණය අබියසයි. නායකත්ව අර්බුදය දැවැන්ත ප‍්‍රශ්නයක් වෙලා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සජිත් පේ‍්‍රමදාස මහතාට සම්බන්ධ අයට නියෝජ්‍ය ඇමැතිකමක්වත් නොදෙන්න …

Continue Reading

මහින්දගේ විපක්ෂනායක ධුරයට එරෙහිව ආණ්ඩුවේ TNA පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයට

විපක්ෂ නායක තනතුර ආර්. සම්පන්දන්ගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂට ලබාදීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාර්ශවකරුවා වන දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ නඩු පැවැරීමට යයි. විපක්ෂ නායක තනතුරේ සම්පන්දන් කටයුතු කරමින් සිටියදී කථානායකවරයා විසින් ඔහු එම තනතුරෙන් ඉවත් නොකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායමේ නායක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පිළිගන්නා බවට …

Continue Reading