එජාපය අද දෙමළ සන්ධානයේ සිරකරුවෙක්!

Spread the love

වර්තමානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ සිරකරුවෙකු වී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍රනී පවිත‍්‍රා වන්නිආරච්චි පවසයි.

ඊයේ(09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව පැවසීය.

“ආණ්ඩුව සිටින්නේ ඔවුන්ගේ ස්වභාවික මරණය අබියසයි. නායකත්ව අර්බුදය දැවැන්ත ප‍්‍රශ්නයක් වෙලා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සජිත් පේ‍්‍රමදාස මහතාට සම්බන්ධ අයට නියෝජ්‍ය ඇමැතිකමක්වත් නොදෙන්න ප‍්‍රවේශම් වෙලා තියෙනවා.

එජාපය ඇතුලේ තියෙන ගැටුම් දැන් තීව්ර වෙලා. සරත් ෆොන්සේකා, පාලිත තෙවරප්පෙරුම ද්වන්ද යුද්ධයක. ඒ වගේම මංගල සමරවීර හා රවී කරුණානායක ගල උඩ සටනක. රවී කරුණානයක කියලා තිබුණා මෝස්තර කාරයෙකුට මුදල් ඇමැතිකම හරි යන්නේ නැහැ කියලා.

මෙහෙම එජාපය ඇතුලේ ප‍්‍රබල ගැටීම් ඇති වෙන කොට මේ ආණ්ඩුවට රටේ ආර්ථිකය ගොඩගන්න බැරිබව මුලූ ලෝකයම දන්නවා. මෙවැනි තත්ත්වයක් යටතේ ණයදෙන ආයතන, ආධාර දෙන ආයතන එන්නේ නැහැ.

අවුරුදු 10ට පස්සේ කොටස් වෙළේඳදපොලේ අවම දෛනික පිරිවැටුප ජනවාරි 4 වැනිදා වාර්තා වුණා. ඒ යුද්ධය අවසානයේ 2009 ඇති වු තත්ත්වයට සමාන තත්ත්වයක්. රුපියල අවප‍්‍රමාණ වෙමින් යනවා. ආණ්ඩුව චීනය, ජපානය වැනි අපේ රටට ආධාර දීපු මිත‍්‍රශීලි රටවල් තරහ කර ගත්තා. මේ රටවල් සදාකාලිකව ශී‍්‍ර ලංකාවට මිත‍්‍රශීලි රටවල්.

රනිල් වික‍්‍රමසිංහ වන්දනාමාන කරන බටහිර රටවලින් අපේ ආර්ථිකයට තල්ලූවක් ලැබුලා නැහැ. ඒ රටවල් අපේ රට සූරාකෑවා විතරයි. අද රනිල් වික‍්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානයේ හිරකාරයෙක් වෙලා. ඊළමට පාර කපන ව්‍යවස්ථාව ගේන්න යන්නේ ඒ නිසයි. ඒ නිසයි ආන්ඩුව ඉන්නේ ස්වභාවික මරණයක් අබියසයි කියලා මම කිව්වේ.

මරණ තුනක් ඇති මිනිසෙක් පැනිකෑය කිව්වා වගේ මේ ආණ්ඩුවත් මරණ තුනක් අතේ තියාගෙන පැණි කනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ පවතින ඕනෑම මැතිවරණයක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජය ගන්නවා.

මහින්ද රාජපක්ස මහතාව විපක්ෂ නායක විදියට පිළිගැනීම රටක් විදියට හොඳ තත්ත්වයක්. ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනත් ඊළමට පාර කපන කඳවුර පාර්ලිමේන්තුවේ ශක්තිමත් වෙලා හිටියා. ව්‍යවස්ථා දායක සභාවේ හත්දෙනෙක් පත්කරන්නේ අගමැති හා විපක්ෂ නායක. පසුගිය කාලයේ ලංකාවේ ප‍්‍රදාන පත්කිරීම් කලේ රනිල් සම්බන්ධන් කඳවුරයි.

නමුත් විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලැබීමෙන් පසුව රටේ පුරවැසියන් සැනසුම් සුසුමක් හෙලූවා මේ කඳවුර කඩා වැටිලා සැබෑ විපක්ෂයට විපක්ෂ නායකකම ලැබිම ගැන.“

RSL

Related Posts