සුමන්තිරම් කේරළ ගංජා ඡාවාරම පිටුපස..?

Spread the love

නොනිල අගමැති ලෙස රටම දන්නා දෙමළ ජාතික සන්ධානයේ යාපනයේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පොලිසියට කතා කර දකුණු ඉන්දියාවත් උතුරත් අතර සිදුකෙරෙන කේරළ ගංජා ගෙන ඒමේ ජාවාරමට සම්බන්ධ තමන්ගේ ආධාරකරුවන් නිසා වහාම නිදහස් කරන්න කියා නියෝග කර තිබෙන බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් පසුගියදා අනාවරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල,

කිලිනොච්චි පොලිසිය විසින් පලෙයි ප්‍රදේශයේ දී ලංකාවට රහසිගතව ගෙනා කේරල ගංජා නමැති මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගන්න වැටලීමක් කරනවා. ඒ අවස්ථාවේ මේ ජාවාරම් කරුවන් පොලිසියට පහර දෙනවා. නමුත් මේ අය අත්අඩංගුවට ගන්න පොලිසිය සමත් වෙනවා. පොලිසියට පහර දෙන්න තරම් හයියක් ජාවාරම්කරුවන්ට ලැබුණේ කොහොමද කියන එක හෙලි වෙන්නේ මේ අපරාධකරුවන් පොලිසියිට ගෙනාවට පස්සේ.

නොනිල අගමැති ලෙස රටම දන්නා දෙමළ ජාතික සංධානයේ යාපනයේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පොලිසියට කතා කරලා මේ පිරිස තමන්ගේ ආධාරකරුවන් නිසා වහාම නිදහස් කරන්න කියා නියෝග කරනවා. මේ අය අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිසියට තදින් බැන වදිනවා. මේ පිළිබඳ පොලිස්පති විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන නිසා මේ පිළිබඳ මීට වඩා මම විස්තර කියන්නේ නෑ.

ලංකාවට කේරල ගංජා එන්නේ යාපනය හරහා බව නොරහසක්. පොලිස් බලතල උතුරට ලබා නොදී දෙමළ සංධානයේ හැසිරීම මෙහෙම නම් පෙඩරල් ව්‍යවස්ථාව හරහා පොලිස් බලතල ලබා දුන්නොත් කෙසේ වේවිද? සුමන්තිරන් මන්ත්‍රිතුමා නිරන්තරයෙන් පොලිස් බලතල ඉල්ලන්නේ පොලිසියේ බාධාවකින් තොරව ගංජා ජාවාරම කරන්න ද කියා අපි ඔහුගෙන් ප්‍රශ්න කරනවා.

RSL

Related Posts