අපි රනිල්ට සහාය දුන්නේ පිනට නොවෙයි.. පොරොන්දු ගණනාවක් මතයි.. ව්‍යවස්ථාව ඉන් එකක්!

Spread the love

අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට සහය දෙමින් එජාප ආණ්ඩුවක් වෙනුවෙන් එක් වූයේ පිනට නොව අපගේ ඉලක්ක සහ අවශ්‍යතා ඉටුකරගැනීමට බවත්, ව්‍යවස්ථාව ඉන් එකක් බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ,

‘අගමැතිවරයාට විශ්වාශය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය ඊට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනාවන් තියනවා නමුත් අපි ඒක නිකං සිදු කල දෙයක් නෙමෙයි රටතුල ස්ථාවරත්වයක් නොතිබුනු කාලසීමාවක තමයි අපි ඒ දේ කලේ අපි අගමැතිවරයාට සහයෝගය දෙන වෙලාවේදී බොහෝ දේ සාකච්ඡා කලා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥ කමිටු වාර්ථාව ඉන් එකක් අනෙක අපේ ප්‍රදේශයේ සංවර්ධනය.

‘එනම් උතුරු නැගෙනහිර සංවර්ධනය නිසි ලෙස ඉටු කිරීමටනම් උසස් කලමනාකරනයක් අවශ්‍යයි කියලයි අපි කිව්වේ ඒ නිසා තමයි උතුරු සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍යතුමන් ලග තියෙන්නේ දැන් ඒකේ නම උතුරු සංවර්ධන කටුයුතු වුනාට ඉදිරියේදී උතුරු නැගෙනහිර සංවර්ධන කටුයුතු පිළිබඳ අමාත්‍යංශය කියල සංසෝධනය කරනව කියලයි අපිට කිව්වේ අග්‍රාමාත්‍ය වරයා එම අමාත්‍යංශය ලබාගන්න හේතුව තමයි උතුරේ සංවර්ධන කරන්න ඕන ප්‍රදේශ පිළිබඳ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ක්‍රමවේදයක් සකස් කිරීම ඒ පිළිබඳව අපේ මන්ත්‍රීවරුත් සාකච්ඡා කලා.

එම ජනහමුවේදී අදහස් දැක්වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේ,

‘දැන් අපි ආණ්ඩුවත් සමග කතා කරල තියනවා උතුරු නැගෙනහිර යුද්දයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ සංවර්ධනය කරන්න කැබිනට් මණ්ඩලය කුමන හෝ පියවරක් ගන්නවනම් ඔවුන්ට දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කරල තමයි ගත යුත්තෙ කියලා ඒ සඳහා අපි 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හදලා තියෙන්නේ. යනුවෙනි.

RSL

Related Posts