ජනපතිට හොරෙන් ජනාධිපති කාර්ය සාධක බලකායට කොටියෙක් රිංගවලා

Spread the love

ජනාධිපතිවරයාගේ අනුදැන්මකින් තොරව උතුරු නැගෙනහිර සංවර්ධන ජනාධිපති කාර්යය සාධක බළකායේ උතුරු පළාත් උපදේශක ලෙස රජය පත් කර ඇත්තේ කොටි ත්‍රස්තවාදීන්ට සහාය පළ කරමින් රාජ්‍යද්‍රෝහී ලෙස කටයුතු කළ අයෙකු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ඊයේ(28) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“උතුරු සහ නැගෙනහිර සංර්වධන ජනාධිපති කාරය සාධක බලකායේ උතුරු පළාත් උපදේශක ලෙස පත් කර ඇත්තේ නීති විරෝධි කටයුතු ගණනාවක් සිදු කළ කොටි ත්‍රස්තවාදියෙකු වන සෙල්වින් ඉරේනියස්. මොහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස රාජකාරි කරන අතරේ 2002 දී ආණ්ඩුවේ නියෝජිතයෙකු ලෙස කොටි සංවිධානය සමග සාම සාකච්ඡා වලට සහභාගි වුණා.

සාම සාකච්ඡා අතරේ දී මොහු ලංකාණ්ඩුවේ සිට කොටි සංවිධානය පැත්තට මාරු වුණා. ඊට පස්සේ කොටි සාමාජිකයින් සමග යුරෝපයට ගොස් කොටි සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු වුණා. නෝරවේ පදිංචි වී 2017 වසර තෙක් ඔහු නැවත ලංකාවට ආවේ නෑ.

2017 දී ඔහු ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගත යුතු වැරදි තුනක් කර තිබුණා. පළමුව ඔහු මරණ දඬුවම ලැබිය යුතු රාජද්‍රෝහියෙක්. ඔහු ආණ්ඩුව නියෝජනය කරමින් සාම සාකච්ඡා වලට ගොස් එහි දී පැති මාරු කළා.

දෙවනුව ඔහු නොදන්වා සේවය හැර ගිය ආණ්ඩුවේ නිලධාරියෙක්. තුන් වෙනුව ඔහු කොටි සංවිධානයට එක් වුණු ත්‍රස්තවාදියෙක්. මේ වැරදි තුනම කළ සෙල්වින් ඉරේනියස්ට ආණ්ඩුව මොකද කලේ? දඬුවම් තුනක් වෙනුවට තෑගි තුනක් දුන්නා.

පළමු තෑග්ග තමයි තල් සංර්වධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත් කිරීම. දෙවන තෑග්ග තමයි උතුරු සහ නැගෙනහිර සංර්වධන ජනාධිපති කාරය සාධක බලකායේ උතුරු පළාත් උපදේශක තනතුරට පත් කිරීම. දෙමළ ජාතික සංධානයේ නිරදේශයක් ලෙසයි ඔහුව මේ තනතුරට පත් කරන්නේ. තුන්වන තෑග්ග මග එනවා කියලයි ආරංචි.

ඒ තමයි ඔහුගේ සේවය අත්හැර යාම නොසලකා විශ්‍රාම වැටුප සැකසීම. ඔහු ඉල්ලීම කර තියෙනවා. තාම ඉටුවෙලා නෑ. ඉටුවේවී කියන විශ්වාසය රාජ්‍ය සේවය තුල තියෙනවා.

මවගේ අසනීපයට රැකියාවට එන්න බැරි වුණු නිලධාරින් සේවය අත්හැර ගියා සේ සලකන රාජ්‍ය සේවයක් අපට තිබෙන්නේ. නමුත් ආණ්ඩුව නියෝජනය කරමින් විදෙස් ගත වෙලා සේවය අත්හැර ගිහින් සතුරු පිලට එකතු වුණු ඉරේනියස්ට තෑගි පිට තෑගි.

මෙය රාජ්‍ය සේවයම අකර්මන්‍ය වීමට හේතුවක්. මේ බෙදුම්වාදින් සුරතල් කිරීම නතර කරලා වහාම සෙල්වින් ඉරේනියස් අත්අඩංගුවට ගන්න කියා අපි ඉල්ලා සිටිනවා.“

RSL

Related Posts