ජාමේ බේරාගෙන, කාලේ කා දමන රනිල්ගේ සූත්තරේ..

එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ ඒ මොහොතේ තම දේශපාලන ගැලවිජ්ජාව සඳහා ඒ ඒ ආකාරයේ විවිධ කතා සහ බොරු ගොතන බව රනිල්ගේ දේශපාලනය හඳුනන්නෝ හොඳින් හඳුනති. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ඊයේ (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.  එහිදී වැඩිදුරටත් අදහස් …

Continue Reading

මහබැංකුව කොල්ල කෑමට යෙදවූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පසු රනිල් විසින් හොරකමේ එවන ඊලඟ කෙනා ඇමති මලික්..?

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍ර, ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කර ගනුදෙනු හරහා කොල්ල කෑමට යොදාගත් කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පසුව, රනිල් විසින් ඇමතිකම් සහ විශේෂ වරප්‍රසාද ලබාදෙමින් අන්ත දූෂිත සිංගප්පුරු ගිවිසුම ඇතුළු විවිධ වංචා දුෂණ සහ අක්‍රමිකතා සිදුකර ගැනීමට යොදාගන්නා කුප්‍රකට පුද්ගලයා ඇමති මලික් සමරවික්‍රම බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතී. බරපතල අක්‍රමිකතා රාශියක් සිංගප්පුරු …

Continue Reading

මහබැංකුව කොල්ල කෑ රනිල්ගේ ගෝලයා සිංගප්පුරුවේ සැප ගනිද්දී, ගෝලයාගේ ගෝලයොත් ඇප පිට නිදහස් වෙති!

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සහතික කොට පත්කළ ඔහුගේ අතිජාත මිත්‍ර සිංගප්පුරු ජාතික ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති මෙන්ම ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කරයෙන් කොල්ල කා රටින් පැනගොස් සිංගප්පුරුවේ සැපසේ වෙසෙන කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගේ ගෝලයින් දෙදෙනකු වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා …

Continue Reading

එජාපයේ අටේ කල්ලිය වැඩ අරඹයි! පළමු රතු නිවේදනය නිකුත් වෙයි

එක්සත් ජාතික පක්ෂය සුරකිමින් සංවර්ධනය කිරීම වෙනුවෙන් ගොඩනැඟුනු එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත “අටේ කල්ලිය” ඉදිරිපත් වීමට නියමිත අයවැය ඉලක්ක කරගනිමින් සිය පළමු රාජකාරිය අරඹා ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ඉදිරි අය-වැයේදී සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂයේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ …

Continue Reading

රනිල්ගේ වාසනාවට අකුල් නොහෙලනු!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස බලයට පැමිණ ගත වූ දින 10 තුළ ගනු ලැබූ ප්‍රධාන පියවර කිහිපයෙන් පැහැදිලි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය අඩකුඹු කිරීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි. මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අද නිවේදනයක් නිකුත් කරමින්ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අගමැතිතුමාගේ වාසනාවට අකුල් නොහෙළනු යන මැයෙන් අද …

Continue Reading

අගමැතිකම ඉල්ලාගත් රනිල් මාධ්‍යයට දැමූ තඟ සහ මහින්ද ආණ්ඩුවට දැමූ රතු එළිය

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායකවරයාත් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද අනතුරු ඇඟවීම් 2ක් සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙන්ම ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේද බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබේ. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අනතුරු ඇඟවීමක් කළේ ඇතැම් මාධ්‍යයන්ටය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීම කළේ වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවටය. අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී තමා ජනාධිපතිවරයාට …

Continue Reading

මහබැංකු බැඳුම්කර මහා වංචාව පසුපස ජනපති නොනැවතී පන්නයි! සටන දැඩිවෙයි!

2015 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ තිබුණු ශ්‍රී ලංකා මහබැංකුවේ මෙරට ඉතිහාසයේ මෙතෙක් සිදුවූ අතිදැවැන්තම මහ බැංකු බැඳුම්කර වංචාව හෙවත් මහබැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම පෙන්වා දෙන අන්දමින් රුපියල් බිලියන දාහකට වැඩි බව පැවසෙන එම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2002, 2003 වසරේ සිට 2016 දක්වා කාලය තුළ බව …

Continue Reading

අගමැති රනිල්, පාර්ලිමේන්තුවේදී මංගලගේ තෙල් බස්සවයි

අද (21) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ, ඉන්ධන මිල ගණන් පහල දැමීමට තීරණය කළ බවයි. ඒ අනුව මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක කරන ලද එම සංශෝධනය පරිදි ඔක්ටේන් 92 පෙට්රිල් ලීටරයක් රු. 135 සිට රු. 125 දක්වා රු. 10 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 159 සිට රු. 149 දක්වා රු. 10 කින්ද අඩුකර ඇත. ඔටෝ ඩීසල් …

Continue Reading

‘අධිකරණයේ අගමැති හා ඇමැති මණ්ඩලයට’ මාස 3ක් යන්න දෙන්නේ නැහැ

‘අධිකරණයේ අගමැති හා ඇමැති මණ්ඩලයට’ වැඩි කාලයක් ආණ්ඩුව කරගෙන යෑමට නොහැකි බවත් කරුණු 4ක් හේතුවෙන් මාස 3ක් ගතවීමට පෙර අනිවාර්යයෙන්ම මෙම ආණ්ඩුව පෙරළන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය. වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි විරෝධය පළ කිරීම, පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක භූමිකාව සමඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් …

Continue Reading

තවත් මගඩියක්! අගමැති රනිල් යටතේ තිබූ වගා අරමුදලෙන් කෝටි 600ක් අතුරුදන්!

පසුගිය ආණ්ඩුව තුළ රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ පැවැති වගා බදු අරමුදලෙන් අතුරුදන්ව ඇති රුපියල් කෝටි 600කට ආසන්න මුදල පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ඇරඹිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජනාධිපතිට අවධාරණය කරයි. එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ ආණ්ඩුව කුමක් වුවත් වහාම මේ පිළිබඳව පරීක්ෂණ සිදු කළ යුතු බවය. 2012 වර්ෂයේ හානි වූ කුඹුරු වෙනුවෙන් උතුරු මැද පළාත් සභාව …

Continue Reading