මහබැංකුව කොල්ල කෑ රනිල්ගේ ගෝලයා සිංගප්පුරුවේ සැප ගනිද්දී, ගෝලයාගේ ගෝලයොත් ඇප පිට නිදහස් වෙති!

Spread the love

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සහතික කොට පත්කළ ඔහුගේ අතිජාත මිත්‍ර සිංගප්පුරු ජාතික ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති මෙන්ම ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කරයෙන් කොල්ල කා රටින් පැනගොස් සිංගප්පුරුවේ සැපසේ වෙසෙන කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගේ ගෝලයින් දෙදෙනකු වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ(01) නියම කළේය.

එම සැකකරුවන්ගේ බාල වියේ පසුවන දරුවන්ගේ රෝගී තත්ත්වයන් හා ඔවුන්ගේ බිරින්දැවරුන්ගේ රෝගී තත්ත්වයන් සුවිශේෂී කරුණු ලෙස සලකා ඔවුන් ඇප මත මුදාහැරීමට සිය අධිකරණය තීරණය කළ බව විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය රුපියල් ලක්‌ෂ 10 බැගින් වූ මුදල් ඇප දෙකක්‌ හා රුපියල් ලක්‌ෂ 20 බැගින් වූ ශරීර ඇප අටක්‌ මත ඔවුන් මුදාහැරීමට නියෝග කළාය.

විදේශගත වීම වළක්‌වන නියෝගයක්‌ ද නිකුත් කළ මහෙස්‌ත්‍රාත්වරිය විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවේ තැන්පත් කරනා ලෙසටත් සැකකරුවන්ට නියෝග කළාය. ඇප ලබා ගැනීමෙන් පසුව සෑම ඉරිදා දිනකම පෙරවරුවේ පෙනී සිටින ලෙසට ද එහිදී සැකකරුවන්ට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරිය සැකකරුවන් වෙනුවෙන් ඇප වන ඇපකරුවන් අට දෙනා අතරින් සිවු දෙනකු ඔවුන්ගේ ඥතීන් විය යුතු බවටද කොන්දේසියක්‌ පනවනු ලැබුවාය.

පොදු දේපළ අයුතු ලෙස පරිහරණය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනා එල්ලවී ඇති එම සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තැබීම අයුක්‌ති සහගත බව තම අධීකරණයට පෙනීයන බව මහෙස්‌ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

ඊයේ 1.54 ට එකී ඇප නියෝගය විවෘත අධිකරණය හමුවේදී ආරම්භ කළ මහෙස්‌ත්‍රාත්වරිය පැයකට ආසන්න කාලයක්‌ කියවාදීම සිදු කළාය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, රජයේ අධිනීතිඥ නදී සුවන්දුරුගොඩ, රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක හා රජයේ අධිනීතිඥ චන්ද්‍රඩ්නි වීරසූරිය ප්‍රමුඛ නීතිඥ මණ්‌ඩලයක්‌ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර පොලිස්‌ පරීක්‍ෂක පී, අම්පාවිල, පොලිස්‌ පරීක්‍ෂිකා සංජීවනී ධර්මලතා, උප පොලිස්‌ පරීක්‍ෂක සුනිල් ජයවීර යන නිලධාරීහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිඥ අරවින්ද ගමගේ, සසිත ජයවර්ධන, ශාලිත අමරසේන, අසේල සේරසිංහ, දයාල් වන්නිආරච්චි, ජීවන්ත ජයතිලක හා අමිල පීරිස්‌ ප්‍රමුඛ නීතිඥ මණ්‌ඩලයක්‌ සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය නියෝජනය කළේය.

RSL

Related Posts