UNP-TNA ආණ්ඩුවේ ෆෙඩරල් ව්‍යවස්ථාවට තුනෙන් දෙක හදාගන්න අපි ඉඩතියන්නේ නැහැ

Spread the love

නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධාන සහ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සකස් කරගැනීමට කිසිලෙසකත් විපක්ෂය ලෙස ඉඩ නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි.

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂ නායක ධුරය සන්ධානයට ලබා දුන්න ද එම ධුරයේ කටයුතු කිරීමට අවශ්‍ය කාර්යාලය මෙතෙක් ලබා දී නොමැති බවයි.

මෙය හුදකලා සිද්ධියක් නොවන බවත් 16දෙනෙක් යුත් කණ්ඩායමක් විපක්ෂ නායක ධුරය ඉල්ලන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රය අනුව ඔවුන් කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂගේ කීර්තියට එරෙහිව වගේම ඔහුට අපහාස කිරීමත් සුමන්දිරන් මන්ත්‍රීවරයා කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා පැවසී.

නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරන විට විපක්ෂ නායකවරයාව දැනුවත් කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

RSL

Related Posts