කුප්‍රකට බැඳුම්කර වංචාවට අත්අඩංගුවට ගත් ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පස්දෙනාම රිමාන්ඩ්

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරිස් (perpetual treasuries) සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි යන අය ලබන 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත්...

මහබැංකුව කොල්ල කෑ රනිල්ගේ ගෝලයා සිංගප්පුරුවේ සැප ගනිද්දී, ගෝලයාගේ ගෝලයොත් ඇප පිට නිදහස් වෙති!

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සහතික කොට පත්කළ ඔහුගේ අතිජාත මිත්‍ර සිංගප්පුරු ජාතික ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති මෙන්ම ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කරයෙන් කොල්ල කා රටින් පැනගොස් සිංගප්පුරුවේ සැපසේ වෙසෙන කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගේ ගෝලයින් දෙදෙනකු වන...

බැඳුම්කරය යටගහන්න පර්පෙචුවල් දුන් චෙක්‌ වවුචර් 112 ක්‌ මෙන්ඩිස්‌ සමාගම විනාශ කරලා

මහ බැංකු බැඳුම්කර කොල්ලය යට ගැසීම සඳහා මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සක‍්‍රීයව තිබියදී පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ලබාදුන් මුදල් සැකසහිත ලෙස තුන්වන පාර්ශ්වයකට බෙදාදීමට අදාළ මුදල් චෙක්පත්වලට සම්බන්ධ වවුචර්පත් 102 ක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් විනාශ කර...

බැඳුම්කර කොල්ලයට පැටලුණු තවත් සමාගම් 5ක විස්තර ඉල්ලයි; ඇලෝෂියස් සහ පලිසේන යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු සමාගම් 05කට අයත් බැංකු ගිණුම් විස්තර ශ්‍රී ලංකා මහබැංකුවට ලබාදීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13කට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගම,...

ඇලෝසියස්ට හා පලිසේනට ඇප සිහිනයක්ම වන ලකුණු

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන සැකකරුවන් තමන්ට ඇප ලබා දෙන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට නීතිමය හිමිකමක් නොමැති...

බැඳුම්කර ගැන පොත් ලියූ සුජීව ලක්ෂ 30කට සුදු රෙදි ගලවා ගත් හැටි

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමෙන් අවස්‌ථා තුනකදී රුපියල් ලක්‍ෂ 30 ක මුදල් චෙක්‌aපත් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර විමර්ශන වාර්තාව මගින් කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට ඊයේ...

බැඳුම්කරේ වෙනුවෙන් ඇලෝසියස් සමඟ ඩීල් කළ මන්ත්‍රීවරුන් ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පවත්වමින් බැඳුම්කර මගඩිය යටගැසීම සඳහා ඩීල් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. කථානායක කරූ ජයසූරිය මහතා විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්...

CIDය පර්පචුවල් ප්‍රධාන කාර්යාලය වටලා බැඳුම්කරයේ රහස්‌ ලිපි රැසක්‌ සොයා ගනී

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්‌ට අයත් කොළඹ 02, පාක්‌ ලෑන්ඩ් ගොඩනැඟිල්ලේ පිහිටි පර්පචුවල් ට්‍රෙෂරීස්‌ ප්‍රධාන කාර්යාලයේ තිබූ බැඳුම්කර වංචාව සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන කීපයක්‌ ඊයේ (30) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබුවේය. බැඳුම්කර වංචාවට සම්බන්ධ රහස්‍ය...

ඇලෝසියස් දුන්න එක ගත්ත තමා; ඒත් මට දීපු එක අල්ලසක් නොවෙයි- දයාසිරි (Video)

අර්ජුන් ඇලෝසියස් ගෙන් මම ලක්ෂ දහයක් ගත්තට මම කොහෙත්ම ඔහු බේරා ගැනීම වෙනුවෙන් කොහේවත් පෙනී සිටියේ නැහැ. ඒක නිසා එය අල්ලසක් ලෙස ගණන් ගන්න බෑ‘ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. දයාසිරි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ...

දුටු තැන අල්ලන්න මහේන්ද්‍රන්ට රතු වරෙන්තු; ඇලෝසියස්‌ හා පලිසේනගේ වත්කම් වාර්තා කැඳවයි

මහ බැංකුව සතු රහස්‍ය දත්ත සිය බැණාට ලබාදී රජයට පාඩුවක්‌ සිදු කළැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති කුප්‍රකට අර්ජුන ලක්‍ෂ්මන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29 දා) නැවත වරෙන්තු නිකුත් කළාය....
Loading posts...

All posts loaded

No more posts