බැඳුම්කරේ වෙනුවෙන් ඇලෝසියස් සමඟ ඩීල් කළ මන්ත්‍රීවරුන් ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට

Spread the love

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පවත්වමින් බැඳුම්කර මගඩිය යටගැසීම සඳහා ඩීල් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

කථානායක කරූ ජයසූරිය මහතා විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අර්ජුන් ඇලෝසියස්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මුදල් ලබාගෙන ඇති බවට මේ දිනවල විවිධ මාධ්‍ය වාර්තා පළ වූ අතර මේ සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදු කළ යුතු බව දේශපාලන පක්ෂ සාමාජිකයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ කථානායක කරූ ජයසූරිය මහතා අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පැවැත්වූ මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනයක් තමාට ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් ඇතැම් පිරිස් පවසන ආකාරයට අර්ජුන් ඇලෝසියස්ගේ මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් බැඳුම්කර කොමිසම් සභා වාර්තාවේ නොමැති බව සඳහන්ය.

එහෙත් සී 350 නමැති වාර්තාවක් බැඳුම්කර කොමිසම් සභා වාර්තාවෙන් ඉවත් කර ඇති බව ද වාර්තා වෙයි.

RSL

Related Posts