බැඳුම්කරය යටගහන්න පර්පෙචුවල් දුන් චෙක්‌ වවුචර් 112 ක්‌ මෙන්ඩිස්‌ සමාගම විනාශ කරලා

Spread the love

මහ බැංකු බැඳුම්කර කොල්ලය යට ගැසීම සඳහා මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සක‍්‍රීයව තිබියදී පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ලබාදුන් මුදල් සැකසහිත ලෙස තුන්වන පාර්ශ්වයකට බෙදාදීමට අදාළ මුදල් චෙක්පත්වලට සම්බන්ධ වවුචර්පත් 102 ක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් විනාශ කර ඇති බවට සාක්‍ෂි ඉදිරිපත් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (13) කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.

එලෙස නිකුත් කළ මුදල් චෙක්‌පත් 102 ක්‌ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් සොයාගෙන ඇති බව යසන්ත කෝදාගොඩ මහතා එහිදී පැවසීය.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ උපදෙස්‌ මත එකී වවුචර්පත් විනාශ කළ බවත් ඉන්පසුව ඒ වෙනුවට වෙනත් වවුචර්පත් සකස්‌ කොට අලුතින්අ පරිගණක ගත කිරීමට පියවර ගත් බවත් එම ආයතනයේ ගිණුම් අංශය භාරව කටයුතු කළ ප්‍රධාන නිලධාරීන් සිවුදෙනකු පාපොච්චාරණ වැනි ප්‍රකාශ ලබාදී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්අනේය. මහ බැංකු බැඳුම්කර වංචාවෙන් අයුතු ලෙස උපයා ගත් මුදල් එකී වංචාව සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් ඇතුළු තුන්වන පාර්ශ්වයකට ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරන සජිත් කළුපතිරණ නමැත්තා බාධා කර ඇතැයි ද යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට පැවසීය.

සජිත් කළුපතිරණ නමැත්තා එලෙස බාධා කර ඇත්තේ අධිකරණයේ නියෝග මත විමර්ශන සිදු කළ නිලධාරීන්ට බවත් එමගින් ඔහු අධිකරණ නියෝග කඩකර අධිකරණයට අපහාසයක්‌ සිදු කර ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම නිලධාරියා එලෙස කර ඇත්තේ ෙච්තනාන්විතව නම් ඒ ගැන පියවර ගැනීමේ හැකියාව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට පවතින බව එහිදී මහෙස්‌ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය. රජයේ නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ එම පුද්ගලයාට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමේ හැකියාව ඇතත් ප්‍රථමයෙන් ඒ ගැන අධිකරණයට පැමිණිලි කළ බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක්‌ නිකුත් කරනා ලෙස ඉල්ලා සිටියේය.

සුජිත් අල්විස්‌ නමැති සිය සේවාදායකයාගේ සමාගමේ සේවය කරනා නිලධාරියාට 50 වරකට වඩා ගෙන්වා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමට එරෙහිව එවැනි පාපොච්චාරණයක්‌ කරනා තත්ත්වයකට ඔහු පත්කර එවැනි ප්‍රකාශයක්‌ ලබාගෙන ඇතැයි එහිදී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌අ සමාගම වෙනුවෙන්අ පෙනී සිටි ජනාධිපති නීතිඥ කෝලිත ධර්මවර්ධන මහතා පෙන්වා දුන්නේය. ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිවලට පෙර පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් උපාය ගත් මුදල් ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමට ලක්‌ කර ඇති බැවින් රුපියල් බිලියන 12 කට අධික මුදලින් එක්‌ බිලිනයක්‌ මුදාහැරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගයක්‌ කරන්නැයි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් අයථා ලෙස උපයා ගත්තේ යෑයි චෝදනා එල්ල වී ඇත්තේ රුපියල් මිලියන 688 වැනි මුදලක්‌ පමණක්‌ බැවින් සමාගම ඉල්ලා සිටින රුපියල් බිලිනයක මුදල මුදා හැරීමෙන් නඩුවේ කටයුතුවලට කිසිදු බාධාවක්‌ නොවනා බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අධ්‍යක්‌ෂවරුන් ලෙස කටයුතු කළ විශ්වමිත්‍ර ගුණවර්ධන හා රන්ජන් හුළුගල්ල යන දෙදෙනාට පනවා තිබූ විදේශගත වීමේ තහනම් තාවකාලිකව ඉවත් කළ මහෙස්‌ත්‍රාත්වරිය ලබන 15 වැනිදා සිට සැප්තැම්බර් 25 වැනිදා දක්‌වා විදේශගත වීමට ද අවසර ලබා දුන්නාය. මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව විකෘති කළ දුරකථන වාර්තා ඉදිරිපත් කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේඅ පවරා ඇති නඩුව ද එහිදී කැඳවූ අතර එම දුරකථන වාර්තා ඉදිරිපත් කොට කැඳවා ඇති රස පරීක්‌ෂණ කඩිනමින් ඉදිරිපත් කරන ලෙස දන්වා රජයේ රස පරීක්‌ෂකවරයා වෙත සිහිකැඳවීමක්‌ යෑවීමට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

නීතිඥ අරවින්ද ගමගේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන, ලලිත අමරසේන, ජීවන්ත ජයතිලක ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය නියෝජනය කළේය. රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

-දිවයින ඇසුරින්-

RSL

Related Posts