මංගල කැබිනට්ටුවේදී 99න් බේරෙයි!

Spread the love

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(13) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එය වචන වලින් එහා නොගොස් බේරී ඇත්තේ අනූ නවයෙන් බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් පක්ෂව කතා කළ යුතු බවට හැගෙන ආකාරයේ අදහසක් ඇමති මංගල සමරවීර මහතා විසින් පළකරද්දී මෙගා පොලිස් අමාත්‍ය චම්පික රණවක මහතා ඊට දැඩි ලෙස විරෝධය පළකරමින් ආවේගශීලි ප්‍රකාශයක් සිදුකොට ඇති බවට වාර්තාවේ. තිස් වසරක යුද්ධයෙන් රට බේරා ගත් රණවිරුවන් හෝ ඊට නායකත්වය දුන් ඉහළ නිලයන්ට එරෙහිව දේශපාලන උවමනාවන් මත චෝදනා එල්ල කළ නොහැකි බව පවසමින් රණවක අමාත්‍යවරයා මංගලට විරුද්ධව දැඩිව නැගී සිට ඇතැයි වාර්තාවේ.

මෙලෙස දිගින් දිගටම හමුදා නිලධාරීන් ඉලක්ක කරගනිමින් ආණ්ඩුව යම් කිසි සැලැස්මක් ක්‍රියාත්මක කරන්නේ නම් එය විපක්ෂය ජනතාව ඉදිරියේ පෙන්වනු ලබන “ආණ්ඩුවේ හමුදා දඩයම” යන්න ආණ්ඩුව විසින්ම තහවුරු කොට පෙන්වා දීමක් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා ඇත. කෙසේ වෙතත් මංගල අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට මෙන්ම හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද වත්මන් හමුදාපති ඇතුළු හමුදාව ඉලක්ක කරමින් සිදුකරන ප්‍රකාශ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් පිළිකුලින් යුතුව හෙළාදැක තිබේ.

RSL

Related Posts