තවත් මගඩියක්! අගමැති රනිල් යටතේ තිබූ වගා අරමුදලෙන් කෝටි 600ක් අතුරුදන්!

Spread the love

පසුගිය ආණ්ඩුව තුළ රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ පැවැති වගා බදු අරමුදලෙන් අතුරුදන්ව ඇති රුපියල් කෝටි 600කට ආසන්න මුදල පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ඇරඹිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජනාධිපතිට අවධාරණය කරයි.

එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ ආණ්ඩුව කුමක් වුවත් වහාම මේ පිළිබඳව පරීක්ෂණ සිදු කළ යුතු බවය.

2012 වර්ෂයේ හානි වූ කුඹුරු වෙනුවෙන් උතුරු මැද පළාත් සභාව ගෙනගිය සටනෙහි ප්‍රතිඵලයක් ලෙස එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2013 දී වගා බදු අරමුදලක් ඇරැඹූ අතර, එම අරමුදලට 2013 සිට රාජ්‍ය හා පෞද්ගලික අංශයකින් 1%ක මුදලක් අයකරගත් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව, දළ වශයෙන් වාර්ෂිකව එකී අරමුදලට රුපියල් කෝටි 160කට අධික මුදල් එක්වන බව ඒ මහතා පැවසීය.

ඔහු පැවසුවේ පසුගිය වසරේ වගා හානි වූ ගොවීන් සඳහා වගා වන්දි ඉල්ලා එවකට කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ජයරත්නගේ අස්සනින්ම රුපියල් කෝටි 700ක් ඉල්ලූ විට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ලබා දුන්නේ රුපියල් කෝටි 150ක් බවය.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවට බැඳුම්කර හරහා සිදු වූ ක්‍රියාවලියම වගා බදු අරමුදලටත් සිදු කළා දැයි බරපතළ සැකයක් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

-මව්බිම-

RSL

Related Posts