අගමැති රනිල්, පාර්ලිමේන්තුවේදී මංගලගේ තෙල් බස්සවයි

Spread the love

අද (21) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ, ඉන්ධන මිල ගණන් පහල දැමීමට තීරණය කළ බවයි.

ඒ අනුව මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක කරන ලද එම සංශෝධනය පරිදි ඔක්ටේන් 92 පෙට්රිල් ලීටරයක් රු. 135 සිට රු. 125 දක්වා රු. 10 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 159 සිට රු. 149 දක්වා රු. 10 කින්ද අඩුකර ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක් රු. 106 සිට රු. 101 දක්වා රු. 5 කින්ද, සුපර් ඩීසල් ලීටරයක් රු. 131 සිට රු. 121 දක්වා රු. 10 කින්ද අඩුකර ඇත.

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම 2018 මැයි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉන්පසුව, එම මිල සූත්‍රය අනුව මාස් පතා සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සමාලෝචනයක් මහා භාණ්ඩාගාරය විසින් කරන ලද අතර ඒ සඳහා ප්‍රධාන සාධක වශයෙන් ගනු ලැබුවේ සිංගප්පූරු වෙළෙඳපොලේ පැවැති බොරතෙල් බැරලයක මිල ගණන්ය.

පසුගිය කාලවකවානුවේ ජාත්‍යන්තරව බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවූ හෙයින් ඒ අනුව ඔක්තෝබර් මස 10 වනදා තෙක් ශ්‍රී ලංකාවේ තෙල් මිලද අඛණ්ඩව වැඩිවිය.

තෙල් මිල අවසන් වරට වැඩිවූ ඔක්තෝබර් මස 10 දින වන විට ජාත්‍යන්තරව බොරතෙල් බැරලයක මිල වාර්තා වූයේ ඇ.ඩො. 85 ක් ලෙසය.

නොවැම්බර් මස සිට ජාත්‍යන්තර වෙළෙඳපොලේ තෙල් මිල අඛණ්ඩව අඩුවූ අතර, මේ වනවිට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 58 ක සාමාන්‍ය මිලක් වාර්තා වෙයි.

2019 වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

RSL

Related Posts