මේ ආණ්ඩුව අපි කියන දෙයක්වත් අහන්නෙ නෑ – මල්වතු නාහිමි අන්තරයට කියයි

බොරු චෝදනා එල්ලකරමින් සිරගත කරනු ලැබූ භික්ෂූන් වහන්සේලා දෙනම නිදහස් කරන ලෙස බලකරමින් අත්තනෝමතික ලෙස පන්ති තහනම් කරන ලද භික්ෂූන්වහන්සේලාගේ පන්ති තහනමට විරෝධය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් ඊයේ (25) විරෝධතා පාගමනක් සංවිධානයකොට තිබුනි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිට මෙම විරෝධතා පාගමන ආරම්භකොට තිබූ අතර පසුව මල්වතු මහා නාහිමියන් බැහැදුටු අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ හිමිවරුන් උන්වහන්සේ …

Continue Reading

අයහපත් කාලගුණය දකුණට දැඩිව බලපායි

දකුණු පළාතට බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ අතුරුදන්වූවන් සොයා දැනට මෙහෙයුම් ක්‍රියාත්මක බවය. ඊයේ පෙරවරුවේ ඇතිවූ දැඩි සුළඟින් දකුණු පළාතේ ගාල්ල , මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල විය. ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ එයින් නිවාස 1,200කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවය.දකුණු වෙරළබඩ ප්‍රදේශ හරහා …

Continue Reading

ඕනෑ ම ආපදා අවස්ථාවක දී ආරක්ෂක අංශ සහය ගන්න – ජනපති

ගංවතුර, සුළි සුළං හෝ නාය යෑම් වැනි ස්වාභාවික ආපදා අවස්ථාවන්වල දී අවශ්‍ය සහන කටයුතුවලට, ඒ සඳහා මනා පුහුණුවක් ඇති ආරක්ෂක අංශවල සහය ලබා ගැනීමට කටයුතු කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාව වෙත උපදෙස් දුන්නේය. ඊයේ (25) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේ හත්වන රැස්වීමේ  දී ජනාධිපතිතුමා එම අදහස් පළ කළේය. …

Continue Reading

සති අන්ත සිනමාපටය – The Reader (2008)

ජර්මනිය ආශ්‍රිතව ලියවුනු කතාවක් ඇසුරින් මේ සිනමාපටය නිපදවී ඇත. මෙම කතාවේ, නීති හදාරන සිසුවෙක් වන මයිකල් (ඩේවිඩ් ක්රූස්) හා කොන්දොස්තර වෘත්තියේ නියැලෙන ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවක් වන හනා ෂිමිට්ස් (කේට් වින්ස්ලට්)  සමග ඇතිවන ආදර සබදතාවක් ඔස්සේ දිග හැරෙන සුන්දර කතාවකි. 1958 කාලවකවානුවේ සිදුවන දේවල් දැක්වෙන අතර හනා තමන්ගේ නාසිවාදී අතීතයෙන් මිදීමට තැත්කරන කාන්තාවකි. මයිකල් නීති ශිෂ්‍යයෙක් වන අතර ඔහු හා …

Continue Reading

කොටස් වෙළදපල ගනුදෙනු අද හදිසියේම අත්හිටුවයි

අද කොළඹ කොටස් වෙළදපොළේ සියළු ගනුදෙනු කටයුතු හදිසියේම අත්හිටුවන ලදි. 2012 වසර වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත්කළ අයවැය අවුල් ජාලාවක් වීම නිසා ව්‍යාපාර ක්ෂේත්‍රය ඉදිරියට පවත්වාගෙන යාමේ බරපතල අනතුරක් මතුකරමින් අද දින කොළඹ කොටස් වෙළදපොළ 5% කින් කඩා වැටුන බව වාර්තාවේ. උද්ගතවූ බරපතල අනතුර මඟහැරීමේ පියවරක් වශයෙන් වෙළදපොළ ගනුදෙනු පැය භාගයකට අත්හිටුවන ලදී. මාස කිහිපයකට පෙර ආණ්ඩුව උදම් ඇනූවේ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන දෙවැනි …

Continue Reading

ලක්විජය බලාගාරය කාටවත් පවරන්නේ නෑ – චම්පික රණවක

පුත්තලම ලක්විජය ගල්අගුරු බලාගාරය වෙනත් සමාගමකට පැවරීමේ කිසිඳු සූදානමක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි.පුත්තලම ලක්විජය ගල්අගුරු බලාගාර පරිශ‍්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරයා ඊයේ(24) මේ බව සදහන් කළේය. පුත්තලම ලක්විජය ගල් අගුරු බලාගාරය රජය විසින් පුද්ගලික සමාගමකට විකිණීමකට සුදානමක් පැවති බවට වූ රාවය හේතුවෙන් මහජනතාව මෙන්ම එහි සේවය කරන නිලධාරීන්ද පසුගිය …

Continue Reading

වරාවැව මහතාට ජාතියේ ගෞරවය හිමිවෙනවා – සරත් ෆොන්සේකා

සුදු කොඩි නඩුවේ තීන්දුව ප‍‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද (25) පළමුවරට අදහස් දැක්වීය. ‘සුදු කොඩි නඩු තීන්දුවේදී සාධාරණ නිගමනයකට ආපු වරාවැව මහත්තයට ජාතියේ ගෞරවය හිමි වෙනවා. සුදු කොඩි නඩුවේ දුන්නේ අසාධාරණ තීන්දුවක්. ඒ තීන්දුවෙන් ප්‍රයෝජනයක් වුනේ වෛරයෙන් පෙළෙන, හැමදාම මාව හිරකරලා තියන්න හදන මාත් එක්ක දේශපාලනය කරන්න බය දේශපාලඥනයාගේ අභිලාෂය පමණයි. ජයවේවා! ජනතාව මා එක්ක …

Continue Reading

අයවැයට එරෙහිව රටපුරා විරෝධතා මාලාවක් පවත්වනවා – ජවිපෙ

අයවැයට එරෙහිව ජවිපේ රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කර ඇති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (25) උදේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපටදී ජනතාව දැනුවත්කිරීමේ අත්පත්‍රිකා බෙදීමට එක් වෙමින් කියා සිටියේය. ”පවතින ජීවන වියදම් දැඩි අර්බදයට මුහුණ දීමටනම් අවම වශයෙන් රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000 කින්ද පෞද්ගලික අංශයේ සේවක වැටුප් 40% කින් වැඩිකළ යුතු යැයි අපි ආණ්ඩුවට බලකරනවා. 2011 අයවැයෙන් දුන් පොරොන්දු කිසිවක් ඉටු …

Continue Reading

ජල පහරට හසුවූ දෙදෙනෙකු අතුරුදහන් – ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය

අයහපත් කාලගුණයත් සමග ජල පහරට හසු වූ පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේය.එලෙස අතුරුදන් වීම වාර්තා වී ඇත්තේ අනුරාධපුර සහ මොණරාගල ප්‍රදේශයෙනි.  මොණරාගල නීලවබැද්ද ප්‍රදේශයේදී හැඩඔයේ ගසාගෙන යාමෙන් කාන්තාවක අතුරුදන් වී ති‍බේ.පොලිසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ අදාළ කාන්තාව එම අනතුරට ලක්ව ඇති අතර ඇය සෙවීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.සිද්ධියෙන් අතුරුදන් වී ඇත්තේ …

Continue Reading

දින 2ක් තිස්සේ සරත් ෆොන්සේකාට ප්‍රතිකාර ලබාදීමට රැගෙන ආවේ නැත – අනෝමා ෆොන්සේකා

දින 2ක් පුරාවට සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු ප්‍රතිකාර ලබාදීමට රැගෙන ආවේ නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ නවලෝක  රෝහල වෙත පසුගිය දින දෙකෙහි  රැගෙනඒමට නියමිතව තිබුණ ද මෙතෙක් ඒ සදහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී  නොමැති බව අනෝමා ‍ෆොන්සේකා මහත්මිය ඊයේ (24) මාධ්‍ය වෙත පැවසිය.නියමිත ප්‍රතිකාර සදහා සරත් ෆොන්සේකා මහතා පෞද්ගලික …

Continue Reading