ලක්විජය බලාගාරය කාටවත් පවරන්නේ නෑ – චම්පික රණවක

Spread the love

පුත්තලම ලක්විජය ගල්අගුරු බලාගාරය වෙනත් සමාගමකට පැවරීමේ කිසිඳු සූදානමක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි.පුත්තලම ලක්විජය ගල්අගුරු බලාගාර පරිශ‍්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරයා ඊයේ(24) මේ බව සදහන් කළේය.

පුත්තලම ලක්විජය ගල් අගුරු බලාගාරය රජය විසින් පුද්ගලික සමාගමකට විකිණීමකට සුදානමක් පැවති බවට වූ රාවය හේතුවෙන් මහජනතාව මෙන්ම එහි සේවය කරන නිලධාරීන්ද පසුගිය සමයේ මහත් කැලඹීමකට පත්ව සිටියහ.පුත්තලම ලක්විජය ගල්අගුරු බලාගාරය දෙවන අදියරේ මෙගාවොට් 300ක ධාරිතාව 2013 වසරේ මුල් කාර්තුවට පෙරත්, 2014 වසරේ මැයි මාසය අවසානයට ප‍්‍රථම තෙවන අදියරේ මෙගාවොට් 300ද ජාතික පද්ධතියට එක්කිරීම සඳහා වැඩකටයුතු කඩිනම් කරන්නැයි අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මේ වන විටද පවතින ජල විදුලි අර්බුදයේදී පුත්තලම ලක්විජය බලාගාරය මගින් ලබාදෙන උපරිම දායකත්වය පිළිබඳව එහි ඉංජිනේරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට පාඨලී චමිපික රණවක අමාත්‍යවරයා විශේෂ ස්තුතියක් පුදකළේය.
එම තත්ත්වය අඛණ්ඩවම පවත්වාගෙන යාම සඳහා ක්‍ඵෑක්‍ සමාගමේ නිලධාරීන්ගේ සහායද අමාත්‍යතුමා විසින් ඉල්ලා සිටියේය.
බලාගාරයේ අළුතින් ස්ථාපිත කල සල්ෆර් අවශෝෂණ යන්ත‍්‍රය විශේෂ නිරීක්ෂණයට ලක්කළ අමාත්‍යවරයා, ජැටිය ආශ‍්‍රිත ප‍්‍රදේශය ගල් අගුරු දහන උඳුන සහ ජනන අංශයේ කටයුතුද නිරීක්ෂණය කළේය.

RSL

Related Posts