වරාවැව මහතාට ජාතියේ ගෞරවය හිමිවෙනවා – සරත් ෆොන්සේකා

Spread the love

සුදු කොඩි නඩුවේ තීන්දුව ප‍‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද (25) පළමුවරට අදහස් දැක්වීය.

‘සුදු කොඩි නඩු තීන්දුවේදී සාධාරණ නිගමනයකට ආපු වරාවැව මහත්තයට ජාතියේ ගෞරවය හිමි වෙනවා. සුදු කොඩි නඩුවේ දුන්නේ අසාධාරණ තීන්දුවක්. ඒ තීන්දුවෙන් ප්‍රයෝජනයක් වුනේ වෛරයෙන් පෙළෙන, හැමදාම මාව හිරකරලා තියන්න හදන මාත් එක්ක දේශපාලනය කරන්න බය දේශපාලඥනයාගේ අභිලාෂය පමණයි. ජයවේවා! ජනතාව මා එක්ක ඉන්නකන් ඔය නඩුතීන්දුවලට, වැරදි තීන්දුවලට මං බය නැහැ. ජයවේවා!’ යනුවෙන් ඔහු මාධ්‍ය වෙත කීය. ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේ තම මන්තී‍‍්‍රධූරය අහිමි කිරීම සම්බන්ධයෙන් කොළඹ අභියාචනාධිකරණයේ විභාගවෙමින් පවතින නඩුවක් සඳහා පෙනී සිටීමට අද එහි පැමිණි අවස්ථාවේදීය. ෆොන්සේකා මහතා අධිකරණ භූමිය වෙත ගෙනැවිත් තිබුණේ බන්ධනාගාර නිලධාරීන් සියයකගේ පමණ ආරක්‍ෂාව මධ්‍යයේ බවද වාර්තා වේ.

RSL

Related Posts