අයවැයට එරෙහිව රටපුරා විරෝධතා මාලාවක් පවත්වනවා – ජවිපෙ

Spread the love

අයවැයට එරෙහිව ජවිපේ රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කර ඇති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (25) උදේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපටදී ජනතාව දැනුවත්කිරීමේ අත්පත්‍රිකා බෙදීමට එක් වෙමින් කියා සිටියේය.

”පවතින ජීවන වියදම් දැඩි අර්බදයට මුහුණ දීමටනම් අවම වශයෙන් රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000 කින්ද පෞද්ගලික අංශයේ සේවක වැටුප් 40% කින් වැඩිකළ යුතු යැයි අපි ආණ්ඩුවට බලකරනවා. 2011 අයවැයෙන් දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකළ ආණ්ඩුව 2012 අයවැයෙන් ජනතාවට සිහින ලබාදී තිබෙනවා. ආණ්ඩුවේ බොරු කයිවාරුවලට ජනතාවගේ ප්‍රශ්න විසදන්න බැහැ” යනුවෙන් ඒ මහතා පැවසීය.‍

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සේවකයන්ට පොරොන්දු වූ රුපියල් 2,500 වැටුප් වැඩිවීම හෝ ලබාදීමට අසමත්ව හැම අතින්ම ජනතාව මත බර පැටවූ 2012 අයවැයට එරෙහි  විරෝධතා ව්‍යාපාරයක්  ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ ‍කර තිබේ. පවතින තත්වයට එරෙහිව රටපුරා ජනතාව දැනුවත් කරමින් ආණ්ඩුවට විරෝධය දක්වන බව පැවසීය. පවතින මෙම තත්වය හමුවේ නව ලිබරල්වාදී ආර්ථිකයට ජනතාවගේ කිසිම ප්‍රශ්නයක් විසඳිය නොහැකි බවත් එපමණක් නොව දිනෙන් දිනම රට මත විශාල ණය බරක් පටවමින් රටත් ජනතාවත් බියකරු අගාධයකට ඇදදමා ඇති බවත් අවධාරණය කළේය. මෙම අනතුරෙන් ගැලවීමට නම් පවතින ධනවාදී ආර්ථික රටාව වෙනස් කර සමාජවාදී ආර්ථිකයක් ඇතිකළ යුතු බවද ඒ සදහා තම පක්ෂය සමග අත්වැල් බැඳගන්නා ලෙස මහජනතාවට විවෘත ආරාධනයක් කරන බව ජවිපෙ ලේකම්වරයා පැවසීය. රට පුරා පැවැත්වෙන ජනතාවාදී උද්ඝෝෂණ සහ දැනුවත්කිරීම්වලට සහභාගී වී, පවතින අනතුර ගැඹුරින් තේරුම්ගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

RSL

Related Posts