කොටස් වෙළදපල ගනුදෙනු අද හදිසියේම අත්හිටුවයි

Spread the love

අද කොළඹ කොටස් වෙළදපොළේ සියළු ගනුදෙනු කටයුතු හදිසියේම අත්හිටුවන ලදි.
2012 වසර වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත්කළ අයවැය අවුල් ජාලාවක් වීම නිසා ව්‍යාපාර ක්ෂේත්‍රය ඉදිරියට පවත්වාගෙන යාමේ බරපතල අනතුරක් මතුකරමින් අද දින කොළඹ කොටස් වෙළදපොළ 5% කින් කඩා වැටුන බව වාර්තාවේ. උද්ගතවූ බරපතල අනතුර මඟහැරීමේ පියවරක් වශයෙන් වෙළදපොළ ගනුදෙනු පැය භාගයකට අත්හිටුවන ලදී.

මාස කිහිපයකට පෙර ආණ්ඩුව උදම් ඇනූවේ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන දෙවැනි කොටස් වෙළදපොළ යන කීර්තිය ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි. නමුත් එහිදී සිදුවූයේ ආණ්ඩු හිතවාදී ජාවරම් කරුවන් කිහිපදෙනෙකුගේ සමාගම් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල වැනි අරමුදල් ආයෝජනය කර කෘත්‍රිම වර්ධනයක් ඇතිකිරීම බව වාර්තා වේ.

RSL

Related Posts