බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන‍්තොටුපොළට නව පිටවුම් අංශයක්

ගුවන්තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් එක් ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිල්ක් රූට් (Silk Route) නමින් පහසු පිටත්වීමේ අංශයක් පසුගිය 22 වැනිදා විවෘත කර තිබේ. සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කළ අතර අමාත්‍යංශ ලේකම් රංජිත් ද සිල්වා මහතා සහ ගුවන්තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා ඇතුළු ආරාධිතයින් …

Continue Reading

පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්ට රනිල්ගෙන් ලිපියක්

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ හා ඊට පෙර ඇතිවූ සිදුවීම් පිළිබඳව කරුණු දන්වා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ආචාර්ය විලියම් එෆ්.ශිජා වෙත ලිපියක් යොමු කර තිබේ. ලිපියෙන් ඉල්ලා සිටින්නේ එහි සඳහන් කරුණු සලකා ඒ පිළිබඳව අදාළ පුද්ගලයන් හා ආයතන වල අවධානය යොමු කරන ලෙසයි. ආරක්ෂක අංශ යොදවා ආණ්ඩුව අයවැය දිනයේ පිටත පිවිසුමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පරීක්ෂාවට …

Continue Reading

පවරාගත් ආයතන වලට බලධාරීන් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය – කෙහෙළිය රඹුක්වැල්ල

ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරිමේ පනතින් ආවරණය වන ව්‍යවසායන් සඳහා නිසි බලධරයන් පත් කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.ඒ අනුව, පැලවත්ත සීනි කර්මාන්ත ආයතනය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාත්, සෙවනගල සීනි කර්මාන්ත ආයතනය සඳහා මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයාත් පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.ඔහු සඳහන් කළේ, පවරාගත් අනෙකුත් ආයතන සඳහා ද නිසි බලධාරින් පත්කර ඇති …

Continue Reading

ළමා ජාවාරමක් පිළිබද තෙරුතුරු රාවතාවත්තෙන් – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ළමා නිවාසයක් උපයෝගී කරගනිමින් සූක්‍ෂම ලෙස පවත්වා ගෙන ගිය ළමා ජාවාරමක් පිළිබඳ තොරතුරක් ඊයේ (23) මොරටුව – රාවතාවත්ත ප‍්‍රදේශයෙන් වාර්තා වූ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය සඳහන් කරයි.රාවතාවත්ත ප‍්‍රදේශයේ ළමා නිවාසයක ළමයින් විකිණීමේ කටයුතු සිදුවන බවට  ළමා ආරක්ෂක හදිසි ඇමතුම් අංශයේ 1929 ලැබුණු තොරතුරු මත මෙම කරුණු අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව ඊයේ දහවල් ළමාරක්‍ෂක අධිකාරියේ නිලධාරීන් …

Continue Reading

එල්.ටී.ටී.ඊයේ ම්ලේච්ඡත්වය හෙළිකරන සාක්ෂි ළඟදීම – ආරක්ෂක ලේකම්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ම්ලේච්ඡත්වය හෙළිකරන නවතම සාක්ෂි නොබෝ දිනකින් ලොව හමුවේ හෙලිදරව් කරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.විදේශ කටයුතු අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ” ප්‍රතිසන්ධාන – පශ්චාත් ගැටුම් ශ්‍රීලංකාවේ ඉදිරි ගමන“  යන මැයෙන් ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායන් අධ්‍යයන ආයතනයේ අද පෙරවරුවේ පැවති සංහිඳියාව පිළිබද සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කලේය.  

Continue Reading

ජනතාවට සහන නැති අයවැයක් – ජවිපෙ

නිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිත සාර්ව ආර්ථික දැක්මක් නැති ජනතාවට සහන නැති සිහින ඇති අයවැයක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන බැවින් ජනතා විමුක්ති පෙරමුණ එයට එරෙහිව ඡන්දය දී පාර්ලිමේන්තුවෙන් පිටත රට පුරා ජනතාව සමග එක්වී උද්ඝෝෂණ පවත්වන බව එම පක්‍ෂය පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කළේය. ඊයේ (23) උදේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත්, පා.ම. සුනිල් …

Continue Reading

අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත විය. මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රත්වත්තේ මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්තවූ බව එම රෝහලේ ස්නායු ‍විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජිත් වික්‍රමසිංහ මහතා  විසින් තහවුරු කරනු ලැබිණි. ඔහු පැවසුවේ, රත්වත්තේ මහතා නිවසේදී ඇද වැටීමෙන් මොලයේ අභ්‍යන්තරයේ සිදු වු රුධිර වහනයක් හේතුවෙන් දින කිහිපයක් රෝහල් ගතව සිටි …

Continue Reading

සරත් ෆොන්සේකාගේ මානුෂීය අයිතීන් ආණ්ඩුව උදුරාගෙන – එජාපය

සරත් ෆොන්සේකාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ කටයුතු සිදු නොවන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරති. හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ඊ‍යේ(23)  පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා, “ඔහුගේ රෝගී තත්ත්වය ගැන දැන් ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ, මොකද උවමනාව තිබුණේ මහාධිකරණයේ නඩුව විභාගවන තුරු පමණක් මහජනතාවට පෙන්නන්න …

Continue Reading

හිටපු අගවිනිසුරු වෙනුවෙන් නීතීඥයෝ ඉදිරිපත්වෙති

හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වාගේ නිල කාලය තුළදී ඒ මහතා ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දු පිළිබදව විමසා බැලීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරිමට එරෙහිව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ, නීතිඥයන් 153 දෙනෙකුගේ අත්සන සහිතව සංගමයේ හදීසි රැස්වීමක් කැඳවන ලෙස එහි සභාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.එම නීතිඥයින් 153 දෙනා පවසන්නේ රටේ සහ අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා එම පාර්ලිමේන්තු කමිටුව පත් කිරීමට එරෙහිව නීතිඥ සංගමය කටයුතු කළ …

Continue Reading

පැලවත්ත සීනි සමාගම පවරාගැනීම නීතිවිරෝධියි – පැලවත්ත සීනි සමාගම

පසුගියදා සම්මත කරගත් පාඩු ලබන ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ රෙගුලාසි වලට සිය සමාගම නොවැටෙන නිසා එවැනි පවරා ගැනීමක් නීති විරෝධී විය හැකිබව පැල්වත්ත සීනි සමාගම පවසා තිබේ. මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් මෙම සමාගම පවසා තිබෙන්නේ නව පනත මගින් පැල්වත්ත සීනි සමාගම පවරා ගැනීමට දක්වා තිබුණත් එම පනත මගින් පවරා ගැනීමට බලය ඇත්තේ මීට වසර විස්සකට පෙර පුද්ගලික අංශයට …

Continue Reading