සරත් ෆොන්සේකාගේ මානුෂීය අයිතීන් ආණ්ඩුව උදුරාගෙන – එජාපය

Spread the love

සරත් ෆොන්සේකාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ කටයුතු සිදු නොවන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරති.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ඊ‍යේ(23)  පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා,
“ඔහුගේ රෝගී තත්ත්වය ගැන දැන් ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ, මොකද උවමනාව තිබුණේ මහාධිකරණයේ නඩුව විභාගවන තුරු පමණක් මහජනතාවට පෙන්නන්න ඔහුට අවශ්‍ය පහසුකම් දෙනවාය කියලා නමුත් දැන් අපිට පේනවා ඔහු දඬුවම් කිහිපයකට යටත් වෙලා තියෙනවා කියලා. දැන් ඔහුට තිබෙන අසනීපවලට ප්‍රතිකාර ගන්න ඒ තිබෙන මානුෂික අයිතීන් අද ආණ්ඩුව උදුරාගෙන තිබෙනවා” යැයි පැවසීය.

RSL

Related Posts