ලෝක ධීවර දිනය වෙනුවෙන් සැමරුම් උළෙල හෙට

නොවැම්බර් 21 දාට යෙදී තිබු ලෝක ධීවර දිනය වෙනුවෙන් ඊට සමගාමී ව පැවැත්වෙන සැමරුම් උළෙල  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පැවැත්වීමට නියමිතයි. බත්තරමුල්ල ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේ දී මෙම සැමරුම් උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Continue Reading

ශ්‍රී ලංකාව රුපියලේ අගය අවප්‍රමාණ කිරීමට ගත් තීරණය නිවැරදියි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි

ශ්‍රී ලංකාව රුපියලේ අගය  අවප්‍රමාණය කිරීම සඳහා ගනු ලැබූ තීරණය නිවරදි පියවරක්  බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි ශ්‍රී ලංකා නේවාසික නි‍යෝජිත කොෂි මාතායි පවසන්නේ, මෙය අපනයන තරගකාරීත්වයේදී දිවයිනට හිතකර තීරණයක් බවයි. එසේම එය මධ්‍ය කාලීනව සැලකීමේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුන්වා දෙයි. 2012 අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා …

Continue Reading

රටේ ප්‍රජාතන්ත්‍රවාදය දරුණු ලෙස බිඳවැටෙමින් පවතිනවා – කරූ ජයසූරිය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය දරුණු ලෙස බිඳවැටෙමින් තිබෙන බව යළිත් සිහිපත් කරන්නට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කරූ ජයසුරිය පෙන්වා දෙන්නේ ඊයේ අයවැය ඉදිරිපත් කරද්දී විපක්ෂය පාර්ලිමේන්තුවේ කළ සාමකාමී විරෝධයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැක්වූ ප්‍රතිචාරය හා පහරදීම ඊට අලුත්ම උදාහරණය බවය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල කළේ රටේත් එක්සත්  ජනතා …

Continue Reading

සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය ඇරඹේ

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය මඟින් ඊයේ (22)දින කොළඹ මහජන පුස්තකාලීය රැස්වීම් ශාලාවේ සංවිධානය කර තිබූ ජනතා එකමුතුව සඳහා විශාල ජනතාවක් සහභාගීවී ඇත.මේ සඳහාබහුජන හා සිවිල් සංවිධාන නායකයින්, කලාකරුවන්, වෘත්තිකයින්, විද්වතුන් හා ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගීවී ඇතැයි වාර්තා වේ. මෙහිදී ප්‍රධාන දේශන පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් සිදුකළ අතර, අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන් විසින් විශේෂ දේශනයක් පවත්වන …

Continue Reading

ශිෂ්‍යභාවය අහෝසිකිරීම බොරු චෝදනා මත සිදුවූවක් – අන්තරය

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 36 දෙනෙකුගේ පසුගිය දින කීපයේදි අසාධාරණ ලෙස ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බවටත්,අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහිව සටන්වදින ශිෂ්‍යධරයින් ගණනාවකගේ අධ්‍යාපනය කඩාකප්පල්කර ඇති බවටත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය එම කුමන්ත්‍රණය තරයේ හෙලා දකින බව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිකුත් කල එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ. …

Continue Reading

අනුමැතිය නොලත් පෞද්ගලික ස්වයංක්‍රීය ශාඛා හුවමාරු භාවිතය නීති විරෝධියි

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් අනුමත නොකළ පෞද්ගලික ස්වයංක්‍රීය ශාඛා හුවමාරු ( PABX) භාවිතය නීති විරෝධී වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා ඇත. ඒ මහතා තවදුරටත් පැවසුවේ, ඇතැම් පාරිභෝගිකයින් ජංගම දූරකතන සිම් භාවිත පෞද්ගලික ස්වයංක්‍රීය ශාඛා හුවමාරු (PABX) උපකරණ භාවිතා කරන බවට මේ වන විට කොමිෂන් සභාවට …

Continue Reading

ත‍්‍රස්තවාදීන් අද අපට පහර දෙන්නේ මානව හිමිකම්වලට මුවාවෙමින් – ජනපති

එදා ත‍්‍රස්තවාදීන් අපට පහර දුන්නේ සිවිල් ජනතාව අතර සිට බවත්, අද පහර දෙන්නේ ජනතාවගේ මානව හිමිකම්වලට මුවා වී බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. ජනාධිපතිතුමා මෙසේ පැවසූවේ ඊයේ (22) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ පැවැති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝත්සවය අමතමිනි. ත‍්‍රස්තවාදය පරාජය කොට වසර 02ක් ගත වුවත් තවමත් අපේ මව්බිමේ ජාතික ආරක්‍ෂාවට තිබෙන අභියෝගවල නිමාවක් නැති බව පැවසූ ජනාධිපතිතුමා, එදා …

Continue Reading

බණ්ඩාරනායක මහතා ශ්‍රි.ලං.නි. ප.යට කළ සේවය සදාතනිකයි – ඇමති මෛත්‍රිපාල

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කළ මෙහෙවර කිසිදා අමතක කළ නොහැකි බවත්, පක්ෂය අගයන සැමරුම් උත්සව එතුමාට උපහාරයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවත්සරය වෙනුවෙන් ඊයේ (20) පස්වරුවේ උඩුනුවර, ඩී.බී. විජේතුංග ජාතික …

Continue Reading

රජයේ සේවකයින්ට 10%ක් පඩි වැඩිවෙයි – අයවැයේ සහන

රජයේ සේවකයින්ට 10%ක පඩි වැඩිවීමක් ඇතුළු ව සහන රැසක් 2012 අය-වැය යෝජනා මඟින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අද (21) විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවරට කියැවීමේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අපේ රජයේ 7 වැනි අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමට ලැබීම සතුටක් බවත් මේ අවස්ථාවේ දී ඔබතුමා මූලාසනයේ සිටීමත් මට ප්‍රබෝධයක් බවත් ජනාධිපතිතුමා අය-වැය කතාව ආරම්භ කරමින් කතානායක චමල් රාජපක්ෂ මහතාගේ අමතා ප්‍රකාශ …

Continue Reading

2012 අය-වැය ඉදිරිපත් කිරීමට සුදානම්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවනවර ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන දෙවන අය-වැය ‍ලේඛනය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලි‍‍මේන්තුව අද පස්වරු 1.50ට රැස්‍වන අතර මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා අද පස්වරු 1.55ට අය-වැය කතාව ආරම්භ කරනු ඇත. අය-වැය දිනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන, එසේ නැත්නම් විසර්ජන පනත්‍ කෙටුම්පත දෙවන වර කියවන දිනයේ දී සමාජයේ සියලුම අංශ අය-වැය …

Continue Reading