බණ්ඩාරනායක මහතා ශ්‍රි.ලං.නි. ප.යට කළ සේවය සදාතනිකයි – ඇමති මෛත්‍රිපාල

Spread the love

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කළ මෙහෙවර කිසිදා අමතක කළ නොහැකි බවත්, පක්ෂය අගයන සැමරුම් උත්සව එතුමාට උපහාරයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවත්සරය වෙනුවෙන් ඊයේ (20) පස්වරුවේ උඩුනුවර, ඩී.බී. විජේතුංග ජාතික පාසලේ පැවති සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

බලයට පත් ව වසර 17ක දී  එක්සත් ජාතික පක්ෂය බෙදී වෙන් වී ගියත් 1994 දී බලයට පත් ව ගතවන 16 වසර තුළ වත්මන් ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් වී ඇති අතර දැනට පාර්ලිමේන්තුව තුළ ආණ්‍ඩු පක්ෂය 118ක මන්ත්‍රී නියෝජනයක් පවති බව ද සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

එසේ ම වාද භේද වී සිටින මෙරට සියලු පක්ෂ එක් මාවතක් කරා ගෙන යාමේ හැකියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, උසස් අධ්‍යාපන අමාත්‍ය  එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

RSL

Related Posts