දින 2ක් තිස්සේ සරත් ෆොන්සේකාට ප්‍රතිකාර ලබාදීමට රැගෙන ආවේ නැත – අනෝමා ෆොන්සේකා

Spread the love

දින 2ක් පුරාවට සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු ප්‍රතිකාර ලබාදීමට රැගෙන ආවේ නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ නවලෝක  රෝහල වෙත පසුගිය දින දෙකෙහි  රැගෙනඒමට නියමිතව තිබුණ ද මෙතෙක් ඒ සදහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී  නොමැති බව අනෝමා ‍ෆොන්සේකා මහත්මිය ඊයේ (24) මාධ්‍ය වෙත පැවසිය.නියමිත ප්‍රතිකාර සදහා සරත් ෆොන්සේකා මහතා පෞද්ගලික රෝහල වෙත ගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් ක්‍රියා නොකිරීම පිළිබඳව නීති උපදෙස් ගන්නා බව ද අනෝමා ‍ෆොන්සේකා මහත්මිය සඳහන් ක‍ළාය.

සිර දඬුවම් නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ප්‍රතිකාර කිරීම සඳහා පෞද්ගලික රෝහලක්‌ වෙත රැගෙන යැමේ හැකියාවක්‌ තිබේදැයි නීතිපතිවරයාගෙන් විමසීමක්‌ කර ඇතැයි ද නීතිපති උපදෙස්‌ අද (25) හෝ හෙට (26 ) ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවන බවද බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පවසයි. සරත් ෆොන්සේකා මහතා මීට පෙර පෞද්ගලික රෝහලක්‌ වෙත රැගෙන යනු ලැබුවේ රිමාන්ඩ් සිරකරුවකු ලෙස සිටියදී බව පවසනකොමසාරිස්‌ ජනරාල්වරයා සිරදඬුවම් ලබන සිරකරුන් නීතිය අනුව ගෙන යා යුත්තේ රජයේ රෝහල් වෙත වෙත බවද කියා සිටියි. ඊට වෙනස්‌ වූ යමක්‌ වන්නේ නම් නීතිපති උපදෙස්‌ ලැබීමෙන් පසු බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කරන බවද  කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පවසා ඇත.

RSL

Related Posts