මේ ආණ්ඩුව අපි කියන දෙයක්වත් අහන්නෙ නෑ – මල්වතු නාහිමි අන්තරයට කියයි

Spread the love

බොරු චෝදනා එල්ලකරමින් සිරගත කරනු ලැබූ භික්ෂූන් වහන්සේලා දෙනම නිදහස් කරන ලෙස බලකරමින් අත්තනෝමතික ලෙස පන්ති තහනම් කරන ලද භික්ෂූන්වහන්සේලාගේ පන්ති තහනමට විරෝධය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් ඊයේ (25) විරෝධතා පාගමනක් සංවිධානයකොට තිබුනි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිට මෙම විරෝධතා පාගමන ආරම්භකොට තිබූ අතර පසුව මල්වතු මහා නාහිමියන් බැහැදුටු අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ හිමිවරුන් උන්වහන්සේ වෙත සංදේශයක් බාරදුන්හ.

එහිදී අදහස් දක්වූ මල්වතු නාහිමියන්, ‘‘මේ ආණ්ඩුව අපි කියන දෙයක්වත් අහන්නෙ නෑ. ඉස්සර අපිත් මේ ආණ්ඩුවට සහාය දුන්නා. ඒත් දැන් මේ යන වැරදිගමන නිසා අපි ඉතාමත් කණගාටු වෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට දරන උත්සාහය හා එයට එරෙහිව හ`ඩ නගන භික්‍ෂූන් වහන්සේලාව සිරගත කරන එක කොහෙත්ම අනුමත කරන්නේ නෑ.’’ යයි පැවසුබව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලය පවසයි.

එහිදී අදහස් දැක්වමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලයේ කැ`දවුම්කරු කඹුරුපිටියේ ඥාණිස්සර හිමියන්, ‘‘බොරු චෝදනා එල්ල කරමින් සිරගත කළ භික්‍ෂූන් වහන්සේ දෙනම නිදහස් කරලා පන්ති තහනම් කරපු භික්‍ෂූන් වහන්සේලාගේ පන්ති තහනම වහා ඉවත් කළ යුතු බවයි. එසේ නැත්නම් අපි විශ්වවිද්‍යාල භික්‍ෂූන් වහන්සේ විතරක් නෙවෙයි සමාජයේ සියලූ ස්ථරයන් එකතු කරලා මේ නරුම මර්දනයට හා දේවදත්ත ආණ්ඩුවට විරුද්ධව සටන් කරන බව.’’ පවසා ඇත.

RSL

Related Posts