ආවේගයට පත් සංවේදයට පත් කෝපයට පත් සිංහල සමාජයට කරනු ලබන යටහත් ආයාචනයයි!

ඔබට වර්ථමානයේ ඇතිවී ඇති තත්වය පිලිබඳ පවතින ආවේගය සාධාරන වන්නේය.එය බහුතර සිංහල සමාජයේද ආවේගය බවද මම පිලිගනිමි. මුස්ලිම් සමාජය තුල සිටින ඇතමුන් තුල පැවති ආත්මාර්තකාමයද මම පිලිගනිමි. නමුත් ඊට ප්‍රතිචාර දැක්වීම සංයමයකින් කල යුතු දෙයක් නොවේ ද? මා විසින් විසින් මීට පෙර කල අදහස් දැක්වීම තුල ඊට අදාලව බොහෝ දේ සාකච්ඡාවට බඳුන් කිරීමට මා උත්සාහ කර ඇත. මදි නම් තවදුරටත් …

Continue Reading

අමෙරිකාව එළිපිටම ගෝඨාභය ඉල්ලයි! දිය යටින් ගින්දර ගෙන යන මෙහෙයුමක්!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මහතා මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොබට් ඕ බ්ලේක් …

Continue Reading

‘පාස්කු ප්‍රහාරය පිටුපස අභ්‍යන්තර කථාව’ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ අද්වීතිය අනාවරණය

අප්‍රියෙල් 21 ප්‍රහාරය අයි.එස් වැඩක් බව Amaq News (අයි.එස් මීඩියා ඒකකය) නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. එම පුවත රොයිටර් සහ සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් ද වාර්තා කර ඇත. එපමනක් නොව ගෝටාබයගේ ආරක්ෂක උපදේශකයා වන ආචාර්ය රොහාන් ගුනරත්න ඊටත් එහා ගිය විශ්ලේෂණයක් කර ඇත. පාස්කු දින ප්‍රහාර වැල අයි. එස් වැඩක් බවත්, එහිදී ක්‍රියාත්මක වූයේ අයි .එස් දේශීය ඒකකය බව ඔහු සඳහන් …

Continue Reading

නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ලිංගික වහලිය

නදියා ඉපදුණේත් හැදී වැඩුණේත් කෝචෝ ගම්මානයේය. කෝචෝ, උතුරු ඉරාකයේ සිනිජාර් කදුවැටියේ තිබුණු දුෂ්කර ගම්මානයකි. මේ ගම්මානයේ උන් බහුතරය යසිදි ජාතිකයින්ය.යසිදි ජාතිකයින්ගේ ආගමික ඇදහීම සාම්ප්‍රදායික සුන්නි මුස්ලිම් ඇදහීම් වලට වඩා වෙනස්ය. එනිසා ඉරාකයේ මුස්ලිම්වරුන්ගෙන් නිතරම යසිදි ජාතිකයින්ට විදින්නට වූයේ අවමන් හා වෙනස්කම්ය. වරින් වර පැමිණි ඉරාක රජයන්ගෙන් යසිදි ජාතිකයින්ට සාම්ප්‍රදායික මුස්ලිම් ආගම වැලදගන්නැයි බලපෑම් කෙරිණ. එහෙත් ඔවුන් තමන්ගේ ආගමට දැඩි සේ …

Continue Reading

කොට අදින අලි සහ ගොටු සිඹින කොටලුවෝ

වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව එජාපයට යළි ආණ්ඩුවක් ගැනීම සැබැවින්ම සිහිනයක්ම විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා අග්‍රමාත්‍යධුරයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට සහය දැක්වීමට එක්වෙමින් සිටියහ. එක්සත් ජාතික පක්ෂයට රිංගා ගෙන එය …

Continue Reading

මහින්දගේ ආණ්ඩු පෙරළීම හෙවත් පොහොයෙන් පොහොය ගෙවා ගසමින් යන රස්තියාදුව

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එම වසරේම මහ මැතිවරණයෙන්ද පරාජයට පත්ව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා සිට යන පන්සලක් ගානේත්, අල්ලන මයික්‍රෆෝනයක් ගානේත් කියාගෙන ගිය “මේ ආණ්ඩුව තව පොහොය කිහිපයයි; ඊලඟ පොහොයේදී අපි ආණ්ඩුව පෙරලනවා” සටන් පාඨය මහින්ද ඔහුගේම වචනවලින් අමු කෙප්පය බවට පත්කොට හමාරය. “අද රටේ තියෙන ආර්ථික අර්බුදය වෙනුවෙන් …

Continue Reading

මෛත්‍රී වන්දනාවේ යන රාජපක්ෂවරු සහ ඇඟ සහ මොළය අතර දේශපාලනය

කලකට ඉහතදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණෙන උත්සව හෝ සම්භාෂණ සඳහා සහභාගී වීම හෝ ඔහු අසලින් වාඩි වීමට වත් අකමැති වූ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල් සමාගමේ අය මේ දිනවල තරඟයට ජනපති මෛත්‍රී පසුපස යන බව හොඳින්ම පෙනී යයි. ඒ අතර මහින්ද සහ ගෝඨාභය ප්‍රමුඛ වෙයි. රාජපක්ෂවරු දෙපළගේ තෝල්කයින් මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන …

Continue Reading

ඩයස්පෝරාව සතුටු කරමින් කාදිනල්තුමාට සරදම් කිරීම

මැල්කම් රලංජිත් කාදිනල්තුමා පසුගියදා කඳානේ දේවස්ථානයක දී කරන ලද ප‍්‍රකාශය ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරයකුගේ හා ඔහුට සහාය දක්වන මානව හිමිකම් මතධාරීන්ගේ දෝෂදර්ශනයට හා විවේචනයට ලක් ව තිබූ බව සමාජ ජාලා වෙබ් අඩවිවලින් හා වෙනත් ප‍්‍රකාශනයන්ගෙන් පෙණිනි. එහිදී මංගල සමරවීර ඇමැතිතුමා වෙබ් අඩවියකින් ප‍්‍රකාශ කර සිටියේ කාදිනල්තුමා ජනප‍්‍රිය වීම සඳහා මෙබඳු ප‍්‍රකාශයක් කර ඇති බව ය. එසේ කරමින් අමාත්‍යවරයා කාදිනල්තුමාට අපහාස කිරීමට …

Continue Reading

මංගල දැන් ඔය ඇති.. පුළුවන් දෙයක් ඉල්ලන් කරමුද..?

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය මාස 04 තුළ ඉන්ධන මිල 04 වතාවක් ඉහළ දමන ලදී. පළමු අවස්ථාවෙන් පසු මිල ඉහළ දැමීමේ යාන්ත්‍රණයක් ලෙස ඇමති මංගල විසින් ‘ඉන්ධන මිල සුත්‍රයක්’ හඳුන්වා දෙන ලදී. ඉන් පසු මේ වන විට මාස් පතා ඉන්ධන මිල ඉහළ යමින් පවතින අතර ඉතිහාසයේ කවරදාක වත් සිදු නොවූ ලෙස ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙමින් පවතී. මංගල යටතේ …

Continue Reading

කථානායක කම කරේ තියන් ‘කරු’ මේ කඩේ යන්නේ කාටද..?

මේ වන වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයට අදාළ පැහැදිලි බහුතරය තිබෙන්නේ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පුමුඛ ඒකාබද්ධ විපක්ෂයට බව ඉතා පැහැදිලි සත්‍යයකි. ආණ්ඩුවේ දේශපාලනික උවමනාවන් මත පාර්ලිමේන්තුවේ ආසන 16ක් හිමි දෙමළ සන්ධානය විපක්ෂය කොට දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට විපක්ෂනායක දුන්නද ඇසට පෙනෙන සත්‍ය නම් රටේ ජනමතයට සහ පාර්ලිමේන්තුවේ ආසන ගණන ගත්තද විපක්ෂය තිබෙන්නේ ඔවුන්ට …

Continue Reading