ආවේගයට පත් සංවේදයට පත් කෝපයට පත් සිංහල සමාජයට කරනු ලබන යටහත් ආයාචනයයි!

Spread the love

ඔබට වර්ථමානයේ ඇතිවී ඇති තත්වය පිලිබඳ පවතින ආවේගය සාධාරන වන්නේය.එය බහුතර සිංහල සමාජයේද ආවේගය බවද මම පිලිගනිමි. මුස්ලිම් සමාජය තුල සිටින ඇතමුන් තුල පැවති ආත්මාර්තකාමයද මම පිලිගනිමි. නමුත් ඊට ප්‍රතිචාර දැක්වීම සංයමයකින් කල යුතු දෙයක් නොවේ ද? මා විසින් විසින් මීට පෙර කල අදහස් දැක්වීම තුල ඊට අදාලව බොහෝ දේ සාකච්ඡාවට බඳුන් කිරීමට මා උත්සාහ කර ඇත. මදි නම් තවදුරටත් සාකච්ඡා කරමු. නමුත් ඇතිවී ඇති තත්වයට පිලිතුර අපගේ ආදරනීය දේශය ආවේගයේ ගිනිදැල් තුලින් අරාජිකත්වයට ඇද දැමීම නොවේ.

නමුත් මෙම කරැනු පිලිබඳව අප ගේ දේශපාලන සමාජය තුල ගැඹුරට සාකච්ඡා නොවන බවද සත්‍යයකි. එම නිසා පුරවැසියන් තුල අසහනකාරී ආවේගයක් ඇතිවීමද සාධාරන වන්නේය. නමුත් මේ සැමට පිලිතුර පාලනයේ පවතින්නේ යයි ඔබ සිතන හිස්තැනකට ආවේගය එක් කොට ඒ හරහා තීන්දු තීරන ගැනීම නොවේ.

පාලනයද පාලනයේ කොටස් කරුවන්ද අසමත් යයි සිතීම

ඔබට ඡන්දයකින්, සිද්දියට වගඋත්තර කරුවන් ලෙස සලකන්නන් පුරවැසි බලය මගින් පරාජය කල හැකිය. නමුත් ඒ සඳහා ද කාලයක් ගතවන්නේය. එතෙක් වර්තමාන පාලකයන් අතිත වරදට වගඋත්තර කරැවන් කියා නිහඬව සිටීම සිදු කල හැකි දෙයක් නොවේ. ඒ සඳහා වර්තමානයේ පාලනයට බල කරන්න ඔබ ගේ ආවේගය භාවිතා කරන්න.

ඔබ මෙන්ම අප ද රට, සමාජය. ජනතාව හා සිංහලයන් ගැන කැක්කුමක් ඇති පුදගලයන් බවද සිහිපත් කරමි. ඔබ සතු වගකීම අප සතුවක් තිබේ. එම නිසා මේ ගැනත් සිතන්න.

සිංහලයා ආවේගය අතාර්කිකව භාවිත කොට ඇන ගත් අතීතයක් තිබේ

ආවේගයන් මගින් අප මුහුන දුන් අභියෝගයන්ට පිලිතුරැ සැපයීමට උත්සාහ දැරැ අතීතයක් අපට පවතින්නේය. සිංහල සමාජයේ ආවේගය වරෙක ඛේදවාචකයක් දක්වා පැතිර ගියේය. නැවත එය පුනරැච්ඡාරනය කලහොත් එය විගඩමක් විය හැකිය. ඒ පිලිබඳ මාගේ අත්දැකීම කෙටියෙන් මෙලෙස ලියා තබමි.

බෙදුම් වාදී යුද්ධය ඇරඹුන මුල් අවදීයේ මා සිටියේ වි.වි. ප්‍රවේශය හමුවේය. සොල්දාදුවන් 13 දෙනා ත්‍රස්තවාසදීන් විසින් මරාදැමුනු විට කොලඹ වි.වි යේ විප්ලව වාදී ශිෂ්‍ය කන්ඩායමක් සංවිධානය වුයේ කොලඹ කනත්තකට ගොස් මිනී සමග වෝඩ් පෙදෙසට ගොස් ජේ ආර් ට ගෙදර යන්නට බල කරන්නටය. කනත්තෙන් පෙලපාලිය පටන් ගත්තේ මෙම ශිෂ්‍ය කන්ඞායමේ මෙහයවීමෙනි. එහි තිබුනේ ආන්ඩු විරොදයකි. පෙලපාලියේ ඉදිරියෙන ගියේ එයට ආගන්තුකව එක්වු අදටත් සුපතල භික්ෂුන් වහන්සේ නමකි. පෙලපාලිය බොරැල්ල හංදිය අසලට යද්දී ජේ ආර් ගේ ආන්ඩුවට ඇති විරෝධය යටපත්වී දෙමල කඩ ගිනි තියන්නට පටන් ගත්තේය. කළු ජුලිය ඇරඹූනේ එලෙසටය. ඉන් පසු ජේ ආර් වාමාශික පක්ෂ ගනනාවක් තහනම් කලේ කැරැල්ලට වගකිව යුතු බව නම් කරමිනි. ඒ මෙම කරුනට පෙලඹවු වාමාංශික කන්ඩායම කවුදැයි එවකට වු ඔත්තු සේවාවවන්ට නිසි ලෙස හඳුනාගැනීමට නොහැනි වු නිසාය. පසුව ජේ ආර් බ්‍රිගේඩියර් බුල් වීරතුංග යාපනයට යැව්වේ ගොඩනැගෙමින් තිබු ත්‍රස්තවාදය මසකින් අවසන් කීරිමටය. බ්‍රිගේඩියර් වරයා යාපනයේ සැම හංදියකම මරා දැමු ත්‍රස්තවාදීන් ගේ කපා දැමුනු හිස ප්‍රදර්ශනය කරන්නට කටයුතු කර තිබුනි. වාර්තා කරන අන්දමට එවකට 500 කට ආසන්න සාමාජික සංඛ්‍යාවක් සිටි LTTE සාමාජිකත්වය දස ගුනයින් ඉහල ගියේ. තහනම නිසා ජවිපෙය විප්ලවාදී දේශපාලනයට අවතීර්න වුයේය. ශ්‍රී ලංකාව දෙකොන විලක්නුව කින් ඇවිලී ගියේය.

අප ජිහාඩි / වහාබි/ ISIS/ මුස්ලිම් පරමවාදී දේශපාලනය මෙරටින් අතුගාදැමිය යුතුය. එය නිසැකය නමුත් ඒ මුස්ලිම් ජනතාව ගෙන් ගේම ඉල්ලා නොවේ.

සිංහලයා ආවේගය භාවිත කල යුත්තේ කාර්කිකවය

පලමුව අන්තවාදයට උඩගෙඩි දුන්නේ යයි සැලකෙන සියලුම දේශපාලඤයින් තම පක්ෂ වලින් හා තනකුරු වලින් ඉවත් කිරීමට බලකල යුතුව තිබේ. සියලුම මව්ලවි වරැන් ගේ හා ප්‍රධාන මට්ටමේ සිවිල් හා දේශපාලනික නායකයින් ගේ වක්කම් හා බැංකු ගිනුම් මහ බැංකුවේ විදේශ වත්කම් නියාමන ඒකකයේ විමර්ශනයකට යටත් කරන්න යයි උද්ඝෝෂනය කල යුතුව තිබේ. මෙම ක්‍රියාවලිය විමර්ශනය කිරිමට සමාජය පිපිගත් සිවිල් හා ආගමික නායකයන් ගේ කමිටුවට බාර දීමට උද්ඝෝෂනය කරන්න. ඉදිරි මාස 6 තුල මැතිවරන ක්‍රමය වහා වෙනස් කරන්න යයි සියලු ජාතික දේශපාලන පක්ෂ වලට බලකරන්න. 

ඉදිරි මාස 06 තුල එය කල හැකි නම් අලුත් පාලකයන්ට ඉතිරිය භාර කල හැක.

-නීතිඥ ශිරාල් ලක්තිලක-

RSL

Related Posts