නදියා ඉපදුණේත් හැදී වැඩුණේත් කෝචෝ ගම්මානයේය. කෝචෝ, උතුරු ඉරාකයේ සිනිජාර් කදුවැටියේ තිබුණු දුෂ්කර ගම්මානයකි. මේ ගම්මානයේ උන් බහුතරය යසිදි ජාතිකයින්ය.
යසිදි ජාතිකයින්ගේ ආගමික ඇදහීම සාම්ප්‍රදායික සුන්නි මුස්ලිම් ඇදහීම් වලට වඩා වෙනස්ය.
එනිසා ඉරාකයේ මුස්ලිම්වරුන්ගෙන් නිතරම යසිදි ජාතිකයින්ට විදින්නට වූයේ අවමන් හා වෙනස්කම්ය. වරින් වර පැමිණි ඉරාක රජයන්ගෙන් යසිදි ජාතිකයින්ට සාම්ප්‍රදායික මුස්ලිම් ආගම වැලදගන්නැයි බලපෑම් කෙරිණ. එහෙත් ඔවුන් තමන්ගේ ආගමට දැඩි සේ ගරු කළහ.
සුන්නි මුස්ලිම් ජාතිකයින්ගේ කෙණෙහිලිත්, දැඩි දුප්පත්කමේ පීඩාවත් මැද ගෙවූ නදියාගේ ගම්මානයේ මිනිසුන් ගෙවූ ජීවිතය සුව පහසු එකක් නොවීය.
ඒ දුෂ්කර ජීවිතයත් තවත් බියකරු අඩියකට ඇද වැටුණේ 2014 වසරේදීය.
ඒ වන විට නදියාගේ වයස අවුරුදු විසි එකකි.
2014 අවුරුද්දේදී අයි එස් ත්‍රස්තයින් විසින් සිනිජාර් කදුවැටිය වටලන ලදී. සුන්නි මුස්ලිම් ආගමික අන්තවාදීන් වූ අයිි එස් ත්‍රස්තයෝ කදුවැටියේ ගම්මාන වල උන් සුන්නි මුස්ලිම් නොවන මිනිසුන්ව ඝාතනය කළහ.
නදියාගේ ගමේ මිනිසුුන්ද ඔවුන්ගේ ග්‍රහණයට හසුවුහ.
“මේ යසිදි මිනිස්සු සුන්නි මුස්ලිම් නෙවෙයි.. ඒ ගොල්ලො අපේ දෙවියන්ව නෙවෙයි අදහන්නෙ.. මිථ්‍යාදෘෂ්ඨිකයෝ..” නදියාගේ ගම්මානයේ උන් සුන්නි මුස්ලිම් අරාබීන් මෙතුවක් කල් තමන් සමග එකට ජීවත් වූ යසිදි අසල්වැසියන්ව අයි එස් ත්‍රස්තයින්ට පාවා දුන්හ.
අයි එස් ත්‍රස්තයින් විසින් අල්ලා ගත් කෝචෝ ගම්මානයේ යසිදින්වද එක් තැනකට ගෙන එන ලදී.
“උඹලා ඔක්කොම දැන් මුස්ලිම් ආගමට හැරෙන්න ඕන..” අයි එස් ත්‍රස්තයෝ යසිදින්ට නියෝග කළහ. ගම්මානයේ මිනිසුන් නිහඩව උන්නා මිස කිසිවක් කීවේ නැත. ඉන්පසුව එළඹුණු මොහොත බිහිසුණු විය. අල්ලාගෙන උන් මිනිසුන්ව ගැහැණු පිරිමි ලෙස කොටස් දෙකකට බෙදන ලදී. නදියාගේ වැඩිමල් සොයුරන් හය දෙනාද පිරිමි ගොඩට යන හැටි නදියා බලා උන්නේ ඊලගට වෙන්නට යන දේ ගැන හාංකවිසියක්වත් නොදැනය.
ඊලගට.. ගැහැණුන් විලාප දෙමින් බලා සිටියදීම, අයි එස් ත්‍රස්තයින් විසින් යසිිදි පිරිිමි සියලු දෙනාම වෙඩි තබා සහ හිස ගසා මරා දමන ලදී. තමන්ගේ අයියලා හය දෙනාම විනාඩි කිහිපයක් ඇතුලත බිහිසුණු අයුරින් තමන්ගේ ඇස් ඉදිරිපිටම මරා දමන හැටිි නදියා බලා උන්නේ බිියෙන්ද ශෝකයෙන්ද ගල්ගැසී ගොසිනි.
ඉන්පසු අයි එස් ත්‍රස්තයෝ යසිදි ගැහැණු කණ්ඩායම දෙසට හැරුණහ. තවත් බෙදීමක් ආරම්භ විය. කුඩා දැරියන් හා තරුණ යුවතියන් වෙන ගොඩකටය. මැදිවියේ ගැහැණුන් වෙනමය. මහලු ගැහැණුන් තවත් ගොඩකටය..
වයසින් මහලු නොවුණත් ජීවිතය පුරා විදි දුක් කම්කටොලු වලින් මහළු පෙනුමක් ලැබූ නදියාගේ අම්මාට යන්නට සිදුවූයේ “මහලු ගැහැණුන්” ගොඩටය. ඊලගට.. මහළු ගැහැණුන්ට වෙඩි තබා මරා දැමිණ. මහලු ගැහැණුන් අයි එස් ත්‍රස්තයින්ට කරදරයකි. බරකි. ඔවුන්ගෙන් ගත හැකි වැඩක් නැත. ඉතින් මහළු ගැහැණුන් සියල්ලන්මද වෙඩි තබා මරා දැමිණ.
නදියාට අඩන්නට තරම්වත් පියවි සිහියක් තිබුණේ නැත. ඇගේ මුළු ලෝකයම එකම දිනයක අහිමිව ගොසිනි. අයියලා හය දෙනාත් අම්මාත් එකම දවසක, ඇගේ ඇස් ඉදිරිපිටම මරා දමා තිබිණ. සිදුවෙන්නට මීටත් වඩා නරකක් ඉතිරිව තිබේද..? ඔව්.. ඔවුන් වෙනුවෙන් ඉතිරිව තිබුණේ ඊටත් වඩා නරක ඉරණමකි. මරණයටත් වඩා නරක ජීවිතයකි.
මැදිවියේ ගැහැණුන් අයි එස් ත්‍රස්තයින්ගේ කදවුරු වල මෙහෙකාර කමටය. තරුණ කාන්තාවන් ට්‍රක් රථ වල පටවා තවත් දෙසකට පිටත් කරනු ලැබිණ. ඔවුන්ව ගෙන ආවේ වෙලද පොලකටය. එය වහල් වෙලද පොලකි. වහල් වෙලදපොල පැවැත්වෙන්නේ රෑටය.
වහල් වෙලදපොලේ ශාලාවන් වල එක් එක් වයස් කාණ්ඩ වල යසිිදි හා කුර්දි යුවතියන් බිම ඉදගෙන සිටිති. අයි එස් සොල්දාදුවෝ එති.. ඒ බිම ඉදගෙන සිටින යුවතියන් දෙස හොදින් බලා තමන්ට කැැමති යුවතියක් තෝරාගනී.. එහෙම නිකන්ම පෙනුමෙන් පමණක් ඔවුන් යුවතිියක තෝරාගන්නේද නැත. තෝරාගත් යුවතිය නැගිට්ටවා ඇගේ කලවා, පියයුරු, ශරීරය අතගාමින් පරික්ෂා කරයි. ඒ සියලු අවයව ගැන සෑහීමකට පත් වෙන්නේ නම් ඇයව මිලදී ගනියි. ඉන්පසු ඒ යුවතිය මිලදී ගත් තැනැත්තාගේ ලිංගික වහලියයි.
“ඒයි.. ඔය රෝසපාට කබාය ඇදගෙන ඉන්න කෙල්ල.. නැගිටලා වරෙන්..”
නදියා තිගැස්සී හිස එසවූවාය. කවුදෝ තමාවද තෝරාගෙන තිබේ. නදියා හිස ඔසවා හඩ ආ දෙස බැලුවාය. රාක්ෂයෙකු මෙන් බිහිසුණු බැල්මෙන් තමා දෙස බලා සිටින අයි එස් සොල්දාදුවෙකි. අම්මාවත් අයිියලා හය දෙනාවත් මරා දැමූ මිනිසුන් ඇදගෙන උන් කළු නිිල ඇදුමම ඇදගත් තවත් මිනිසෙකිි.
නදියා බියෙන් ලතෝනි දුුන්නාය. තමාව ඇදගෙන යන්නට ඉඩ නොදෙන්නට පොලවේ වකුටු වෙමින් ගුලි ගැසෙමින් ඇඹරෙමින් දැගලුවාය. පලක් වූයේ නැත. ඒ මිනිසා නදියා වෙනුවෙන් මුදල් ගෙවා තිබිණ.
එතැන් පටන් නදියාගේ ජීවිතය අපායක් විය. උදේ පටන් රෑ වන තුරු නදියාගේ දින චරියාව වූයේ දූෂණයට ලක් වීමය. ඇය දූෂණයට ලක් වූයේ තමාව මිලදීී ගත් මිනිසාගෙන් පමණක් නොවේ. ඔහු ඔහුගේ මිතුරන්ට සන්තෝසම් ලෙස ලබා දුන්නේද ඇයවය.
පාවිච්චි කරන ඉවත දමන “ලිංගික වහලියන්ට”” තවත් මිලක් ඇති බව නදියා දැන ගත්තේ සති කිහිපයකට පසුවය. ඒ් මුල් ගැනුම්කරුවාට ඇයව එපා වී ඇයව දෙවන වර විකුනන්නට යලිත් ලිංගික වෙලද වහල්පොලට ගෙන ගිිය පසුවය.
නදියා පැන යන්නට උත්සාහ කළාය. අවාසනාවකට ඇයව නැවතත් අසු විය. පැන යන්නට උත්සාහ කර හසුවුණු පසු තත්වය තවත් දරුණුය. එසේ පැන යන්නට උත්සාහ කරන්නේ දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වන අයයි. ඒ නිසා ඔවුන්ට දෙන දඩුවම සැරය. ඔවුන්ට දෙන දඩුවම එවෙලේ ඒ භූමියේ සිටින සියලුම පිරිමින්ගෙන් දූෂණයට ලක් වෙන්නට සිදු වීමය. ඒ දඩුවමට නමක්ද ඇත. ඒ “ලිංගික ජිහාඩය”යි.
මාස තුනක් තිස්සේ ලිංගික වහලියක් ලෙසින් ගෙවූ ජීවිතය තුළ නදියා දෙතුන් වතාවක්ම මේ දඩුවමද අත්වින්දාය. එහෙත් ඇය පැන යාමේ උත්සාහය අත් ඇරිියේද නැත. වතාවක් එය සාර්ථක විය. අයි එස් වහල් කදවුරෙන් පැනගත් ඇයට මුස්ලිම් පවුලකින් රැකවරණ ලැබිණ. ඒ මුස්ලිම් පවුලේ අය ඇයට පැනගන්නට උදව් කළහ. ඇයට ඉරාක කුර්දිස්ථානයට පැන ගන්නට හැකි විය. ඇය එහි වූ යසිදි සරණාගත කදවුරකට යවනු ලැබිණ.
එහිදී ඇය බොහෝ දේ දුටුවාය. අයි එස් ත්‍රස්තයින්ගේ හිංසන වලට ලක් වන කතෝලිකයින් ගැන කතා කරන්නට සංවිධාන ගොඩකි. රටවල් ගොඩකි. අයි එස් ත්‍රස්ත පීඩාවට ලක් වෙන කුර්දින් වෙනුවෙන් පෙනී සිටින්නට පෙශ්මර්ගා හමුදාවකි. මුස්ලිමුුන් වෙනුවෙන්ද බොහෝ අය සිටිති. එහෙත් යසිදින් වෙනුවෙන් කවුරුවත්ම නැත.
ඇය තමන්ගේ ජාතිය වෙනුවෙන් තනිව හෝ පෙනී සිටින්නට තීරණය කළාය. ජර්මනියට යන්නට මග පාදාගත් ඇය තවමත් අයි එස් ග්‍රහණයේ සිටින යසිදි ගැහැණුන් ගැන කතා කරන්නට පටන් ගත්තාය. ජාතියක් වශයෙන් යසිදින්ට සිදුවන ගැහැට ගැන කතා කරමින් ඉරාකයේ සුළු ජාතිකයින්ට වෙනමම කලාපයක් නම් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ට බල කළාය.
අයි එස් ග්‍රහණයේ සිටින ගැහැණුන් ගැන ඇය ගෙන යන සටනත්, යසිදි ජාතිකයිින් වෙනුවෙන් ඈ කරන අරගලයත් වෙනුවෙන් 2016 වසරේදී යුරෝපා කවුන්සිලයෙන් ඇයට Vaclav Havel මානව හිමිකම් සම්මානය ප්‍රදානය කරන ලදී. ඒ වසරේම ඇයට යුරෝපියානු පාර්ලිමේන්තුවෙන් Sakharov Prize for Freedom සම්මානයද පිරිනැමිණ.
යසිදි ජාතිකයින් වෙනුුවෙන් නොනවතින අරගලයක් කරන නදියා මිනිස් ජාවාරම් වලට එරෙහිව නගන හඩ නිසා ඇය මානව ජාවාරම් වලට එරෙහි එක්සත් ජාතින්ගේ ප්‍රථම තානාපතිවරිය බවට පත් වූවාය.
මේ සියල්ල අතරතුර තමාගේ අවාසනාවේ කතාව ඇැය පොතකට නැගුවාය.
“The last Girl – My Story of Captivity and My Fight Against the Islamic State ඇය විසින් ලියූ ඒ ග්‍රන්ථයයි.
2018 වසරේ නදියාගේ ඒ පොත “නොබෙල් සාම ත්‍යාගය” දිනාගත් පොත විය. ප්‍රාථමික පන්ති වලට පමනක් පාසැල් ගිය සිනිජාර් කදුවැටියේ දුප්පත් යසිදි කෙල්ල “නදියා මුරාද්.” නොබෙල් තෑග්ග දිනූ ඉරාකයේ පළමු පුරවැසියා බවට පත් වූවාය.
-නිම්මි මුදිතා හේරත්-
සති අග අරුණ පුවත්පත
(නිම්මි මුදිතා හේරත් විසින් සති අග අරුණ පුවත් පතට ලියන ලද්දකි)