වෘත්තීය සමිති මර්දනයට ආණ්ඩුවෙන් අලුත්ම දරුණු පනතක්!

පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය නාලිකා ප්‍රධානීන් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ප්‍රතිත්‍රස්ත පනත ලෙස සාමාන්‍ය නීතියට අන්තර්ග්‍රහනය කිරීමේදී සිදුවන ප්‍රතිවිපාක පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. මෙහිදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරීස් මහතා විසින් මෙම පනත අහෝසි කර සාමාන්‍ය නීතියට අන්තර්ග්‍රහනය කිරීමේදී මාධ්‍යවේදීන්, වෘත්තිය …

Continue Reading

මතින් නිදහස් රටක් වෙනුවෙන් “බක්මහ දිවුරුම” ප්‍රතිඥාව ලබා දෙයි (වීඩියෝ)

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” ප්‍රතිඥාව මීට සුළු මෙහොතකට පෙර ලබා දී තිබේ. “බක්මහ දිවුරුම” ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී මේ වන විට ආරම්භ වී තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී වීමට නියමිත අතර පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් ද ඊට සහභාගී විය. රාජ්‍ය …

Continue Reading

ශ්‍රී ලංකාවට යවන්න එපා! මධුෂ්ගෙන් ඩුබායි අධිකරණයට පෙත්සමක්!

තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් ශ‍්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. ඉන්දීය ජාතික නීතිඥවරුන් පිරිසක් මාර්ගයෙන් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණයෙන් මෙම ඉල්ලීම කර ඇති බව ඩුබායි රාජ්‍යයෙන් ලැබෙන ආරංචිමාර්ග කියා සිටියි. තමන් ශ‍්‍රී ලංකාව වෙත පිටත් කර හැරියහොත් ආරක්‍ෂක අංශ සහ ප‍්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම් තමා ඝාතනය කිරීමට …

Continue Reading

දේශපාලනඥයා වෘත්තිකයෙකු විය යුත්තේ ඇයි..?

අද සෑම වෘත්තියකටම අවම සුදුසුකමක් අත්‍යාවශ්‍යවේ. එය කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා විහිදෙයි. එහෙත් අවාසනාවකට අපේ රටේ කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවන එකම වෘත්තිය වන්නේ දේශපාලනයයි. එහෙත් ඔබත්, අපත්, රටත් සියල්ල පාලනය වන්නේ එම කිසිදු සුදුසුකමක් නොමැති දේශපාලන යාන්ත්‍රණයේ සිටින දේශපාලඥයින් විසිනි. ඔවුන්ව අපේ ස්වකැමැත්තෙන් සර්ව ජන ඡන්දබලයෙන් පත් කරගන්නේද අපමය. එසේ පත්කරගත් ඔවුන්ට යළි දෙස් දෙවොල් තබමින් බනින්නේද අපමය. උපන්දා සිට …

Continue Reading

රථ වාහන වැරදි 7ක අවම දඩය රු.25,000ක් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි! වැරදි 7 මෙන්න..(වීඩියෝ)

රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ එ ගැසට් නිවේදනය ප්‍රකාරව නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරයි ඒ මෝටර් රථ ප්‍රවාහන පණත සංශෝධනය කිරීමෙනි. වත්මන මාරක රිය අනතුරුවලට බොහෝ විට …

Continue Reading

ජනපති කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ ඖෂධවේදියා ක්ලාන්තය දමයි

නුසුදුසු පිළිකා එන්නත් රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (01) සාක්‍ෂි දෙමින් සිටි ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදියකු හදිසියේ ක්ලාන්ත වීම හේතුවෙන් සාක්‍ෂි විමසීමේ කටයුතු සුළු මොහොතකට නැවැත්වීමට කොමිසමට සිදුවිය. යහපාලන ආණ්ඩු සමයේ දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව එහි සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අතර එහිදී ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී …

Continue Reading

ශ්‍රිමා දිසානායක දැයෙන් සමුගනී

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ ප්‍රිය බිරිඳ මෙන්ම වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ දයාබර මෑණියන් වූ ශ්‍රීමා දිසානායක හෙවත් වජිරා ශ්‍රීමතී දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(01) සිදුකෙරුණි. ගාමිණී දිසානායක මහතා 1994 ජනාධිපතිවරණයේ අපේක්ෂකයාව සිටියදී ත්‍රස්තවාදීන් විසින් ඔහු ඝාතනය කිරීම හේතුවෙන් ඒ සටනට උර දීමට ශ්‍රීමා දිසානායක මහත්මියට සිදුවිය. එක්සත් ජාතික පක්ෂයට අවාසනාවන්තම මෙන්ම මාරාන්තික වූ ඒ බිහිසුණු …

Continue Reading

අල්ලන කුඩු ආයේ එනවද..? මෛත්‍රී අපිව රවටනවද..? සියල්ලට පිළිතුරු දෙමින් සියල්ලන් ඉදිරියේ ජනපති නියෝගයෙන් කුඩු වාෂ්ප කරයි

මෙරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනුණු අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ කොකේන් කිලෝග්‍රෑම් 769ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණය යටතේ අද (01) පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරිණි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම විනාශ කිරීම සිදු විය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ සහ ගල්කිස්ස ප්‍රධාන …

Continue Reading

ඇමෙරිකාවේ නඩු දාන කතා බොරු.. අපේ ජනාධිපති ගෝඨා මඟ එනවා

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, අපේ ගෝඨාභය රාජපක්ෂ මහතා මත පටවා ඔහුට ඇමෙරිකාවේ දී නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ ගැනීම නිශ්ඵල කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(01) කොළඹ පැවති, පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය. “සර්වලෝක අධිකරණ බලය නැතිනම් universal …

Continue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම සඳහා දින ලබා දී අවසන්!

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දින වකවානු ලබා දී අවසන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි. සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ(31) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. තවද අන්තරාදායක මත්ද්‍රව්‍ය මැඩළීමේ යුද්ධය දශක තුනක් පැවති  සිවිල් යුද්ධය මැඩළීමට වඩා දරුණු මෙහෙයුමක් බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසා සිටියි. …

Continue Reading