ශ්‍රී ලංකාවට යවන්න එපා! මධුෂ්ගෙන් ඩුබායි අධිකරණයට පෙත්සමක්!

Spread the love

තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් ශ‍්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.

ඉන්දීය ජාතික නීතිඥවරුන් පිරිසක් මාර්ගයෙන් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණයෙන් මෙම ඉල්ලීම කර ඇති බව ඩුබායි රාජ්‍යයෙන් ලැබෙන ආරංචිමාර්ග කියා සිටියි.

තමන් ශ‍්‍රී ලංකාව වෙත පිටත් කර හැරියහොත් ආරක්‍ෂක අංශ සහ ප‍්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම් තමා ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටින බවට මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත යවා ඇති පෙත්සමේ සඳහන් වන බවද වාර්තා වෙයි.

මාකඳුරේ මධුෂ් සමග ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන සිටි නදීමාල් පෙරේරා, කංජිපාන ඉම්රාන්, රොටඹේ අමිල ඇතුළු පුද්ගලයෝ අටදෙනක් මේ වනවිට ශ‍්‍රී ලංකාවට පිටුවහල් කර සිටිති.

ඉදිරි දිනවලදී ගායන ශිල්පී අමල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රෝවන්, පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු තවත් පුද්ගලයන් දහඅට දෙනෙකු පමණ එරටින් පිටුවහල් කිරීමට නියමිතය.

RSL

Related Posts