ශ්‍රිමා දිසානායක දැයෙන් සමුගනී

Spread the love

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ ප්‍රිය බිරිඳ මෙන්ම වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ දයාබර මෑණියන් වූ ශ්‍රීමා දිසානායක හෙවත් වජිරා ශ්‍රීමතී දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(01) සිදුකෙරුණි.

ගාමිණී දිසානායක මහතා 1994 ජනාධිපතිවරණයේ අපේක්ෂකයාව සිටියදී ත්‍රස්තවාදීන් විසින් ඔහු ඝාතනය කිරීම හේතුවෙන් ඒ සටනට උර දීමට ශ්‍රීමා දිසානායක මහත්මියට සිදුවිය. එක්සත් ජාතික පක්ෂයට අවාසනාවන්තම මෙන්ම මාරාන්තික වූ ඒ බිහිසුණු අවස්ථාවේ දී ඇයගේ ධෛර්ය සම්පන්න ඉදිරිපත් වීමට ඒ පක්ෂය පසුකලෙක ඇයට දිය යුතු නිසි ගෞරවය දුන්නා දැයි එජාප පාක්ෂිකයාම කල්පනා කළ යුතුය. කෙසේ වෙතත් ඒ අවස්ථාවේ දී පවා ඇය ඡන්ද ලක්ෂ 27 කට අධික ප්‍රමාණයක් ලබා ගත්තා ය.

අන් දේශපාලන වැන්දඹුවන් මෙන් පසුව දේශපාලනයට නොපැමිණි ඇය තම ගෞරවයත් ත්‍රස්තවාදීන් විසින් මරා දැමූ සිය සැමියාගේ ගෞරවයත්, දේශපාලනයට පිවිසි දරුවන්ගේ ගෞරවයත් රැක ගෙන ජීවත්වෙමින් රටට දුන් ආදර්ශය වැදගති.

අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ වරුණි තාරුකා මහත්මියගේ මව වූ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය මිය යන විට 77 වැනි වියේ පසුවූවාය.

RSL

Related Posts