ගයන්ත ජනමාධ්‍යයේ ආයතන 03 ක් ඉල්ලයි
ජනමාධ්‍ය අමාත්‍යාංශය සතු ආයතන තුනක් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට ලබාදෙන ලෙස ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රජයේ මුද්‍රණාලය, මුද්‍රණ නීතිගත සංස්ථාව සහ චිත්‍රපට සංස්ථාව යන ආයතන තම අමාත්‍යාංශය වෙත පවරා ගැසට් කරන්නැයි ද ඇමැතිවරයා ඉල්ලා ඇත. මේ සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා …
Continue Reading
සයිටම් විරෝධී දරුවන්ට සහ දෙමාපියන්ට දැඩි ප්‍රහාරයක්! (Video)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළබේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව වෛද්‍ය ශිෂ්‍යයන් සහ දෙමව්පියන් විසින් සංවිධානය කර තිබූ පාගමනට පොලීසිය විසින් දැඩි ලෙස පහරදී විසුරුවා හැර තිබේ. ගාලුමුවදොරට පිවිසෙන ලෝටස් වටරවුමේ ගුවන්පාලම අසළදී සයිටම් විරෝධී පාගමනට පොලීසිය විසින් මෙලෙස කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම විරෝධතාවය හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බවද …
Continue Reading
ඇමති දුමින්ද යළි පරණ තැටියම වාදනය කරයි
විනය කඩ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා අවශ්‍ය පියවර ගැනීමට පෙරේදා (22 දා) රාත්‍රියේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය කඩිනමින් රටට හෙළිකිරීමටත් ඒ සඳහා අවශ්‍ය පියවර …
Continue Reading
සයිටම් ගැන ආණ්ඩුවේ මුනිවතට එරෙහිව කලින් නොදන්වාම වෛද්‍ය වර්ජනයක්!
සයිටම් ගැටලුව සඳහා සාධනීය විසඳුමක් නොලැබුණහොත් කලින් නොදන්වා ඕනෑම මොහොතක වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පෙරේදා (22 දා) පැවති බවද, එහිදී අවසාන වශයෙන් තීරණය වූයේ මෙම ප්රශ්නය සඳහා සාධනීය විසඳුමක් නොලැබුණහොත් ක්‍රමානුකූලව වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කළ යුතු බව යෑයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද …
Continue Reading
කළු සල්ලිවලින් රැස් කළ දේපළ රාජපක්ෂලා ඉතිරි කරලා ගිය තවත් දායාදයක්!
මිනිස් ජීවිත ගණනාවක් බිලි ගත්, කඩා වැටුණු වැල්ලවත්ත තට්ටු ගොඩනැඟිල්ලේ හිමිකරු කවුදැයි සොයා ගැනීමට දින ගණනක් ගියා. අපි හිතුවේ මේකෙත් ඩේසි ආච්චි ළඟ දමා ගිය මැණික් මල්ල, ඇලන් මැතිනිආරාමයේ අතරමං කර ගිය අලි පැටියා, එහෙමත් නැත්නම් මල්වානේ මාලිගාව වැනි තවත් හිමිකරුවකු නැති දේපළක් කියලයි. කළු සල්ලි මත රැස් කළ අසාමාන්‍ය හිමිකරුවන් නැති වටිනා දේපළ රාජපක්ෂ ශිෂ්ටාචාරය අපට ඉතිරි කර ගිය …
Continue Reading
යෝෂිත රටයයි!
විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විදෙස් ගතවීම සඳහා සිදුකළ ඉල්ලීමට කොළඹ මහාධිකරණය අවසර ලබා දී තිබේ. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන නඩුවකට අදාළව ඇප නියම කිරීමේදී ඔහුට විදෙස් ගමන් තහනම් කරමින් කොන්දේසියක් පනවා තිබේ. කෙසේ වෙතත් තමාට ඕස්ට්‍රේලියාවට සහ ජපානයට යාමට අවසර ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් පසුගියදා ඉල්ලීමක් …
Continue Reading
වෛද්‍ය වැඩ වර්ජනය සාර්ථකව නිමාවෙයි
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනය හෙවත් සයිටම් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද උදෑසන සාර්ථකව නිමාවිය. ඊයේ (22) උදෑසන 8.00 ට ආරම්භ වූ වැඩ වර්ජනය ඉතා සාර්ථක වූ බව වැඩ වර්ජනය ආරම්භකොට පැය 12ක් ගත වීමටත් මත්තෙන් රටේ ප්‍රධාන ජනමාධ්‍ය ආයතන කිහිපයක් වාර්තාකොට තිබිණ. 01. නීති …
Continue Reading
නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි- ඇමති රාජිත ලෝක සමුළුවේදී කියයි
නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය මූල්‍ය ආධාර පහසුකම් අඛණ්ඩව රජය ලබා දෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින් රාජිත සේනාරත්න මහතා මේ ප්‍රකාශ කර තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්ට්‍රීසියා ස්කොට්ලන්ඩ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැති අතර එය අද(22) දින ආරම්භ වන …
Continue Reading
NGO කල්ලියේ නඩුවට විශේෂඥ වෛද්‍ය පාදෙනිය උසාවි යයි (Video)
මෑතකදී ප්‍රකාශයට පත් කළ සයිටම් නඩු තීන්දුව විවේචනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රසිද්ධියේ කළැයි කියන ප්‍රකාශයක් මගින් උසාවියට අපහාසයක් හා හෑල්ලුවට ලක් කිරීමක් සිදුකර ඇති බවට සභාපතිවරයාට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවකට තමා නිවැරදිකරු යෑයි ඔහු ඊයේ (22 දා) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය. අනතුරුව අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව චෝදනාව පිළිබඳව ලබන අගෝස්තු 02 …
Continue Reading
වෛද්‍ය වර්ජනයෙන් රෝහල් ලෙඩ වෙයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22 වැනිදා) පෙරවරු 8.00 සිට ආරම්භ කළ එක්දින සංකේත වැඩ වර්ජනය නිසා දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු අඩපණ විය. බාහිර රෝගී ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම පාහේ ඇනහිට තිබූ අතර, හදිසි ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර නියමිත පරිදි සිදු කෙරිණි. වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරෙන බවට පූර්ව දැනුම් දීමක් කර තිබියදීත් රෝගීන් ප්‍රතිකාර අපේක්ෂාවෙන් රෝහල් …
Continue Reading