නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි- ඇමති රාජිත ලෝක සමුළුවේදී කියයි

Spread the love

නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය මූල්‍ය ආධාර පහසුකම් අඛණ්ඩව රජය ලබා දෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින් රාජිත සේනාරත්න මහතා මේ ප්‍රකාශ කර තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්ට්‍රීසියා ස්කොට්ලන්ඩ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැති අතර එය අද(22) දින ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වාර්ෂික සමුළුවට සමගාමීව පැවැත්විය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට රටවල් 40ක සෞඛ්‍ය අමාත්‍යවරු එක්ව සිටි බව වාර්තා වේ.

“සියලු දෙනාටම සෞඛ්‍ය සුවය“ යන තේමාව යටතේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සෞඛ්‍ය වැඩ සටහන් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා බිම් මට්ටමේ වැඩසටහන් ද ක්‍රියාත්මක බවය.

RSL

Related Posts