ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනය හෙවත් සයිටම් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද උදෑසන සාර්ථකව නිමාවිය. ඊයේ (22) උදෑසන 8.00 ට ආරම්භ වූ වැඩ වර්ජනය ඉතා සාර්ථක වූ බව වැඩ වර්ජනය ආරම්භකොට පැය 12ක් ගත වීමටත් මත්තෙන් රටේ ප්‍රධාන ජනමාධ්‍ය ආයතන කිහිපයක් වාර්තාකොට තිබිණ.
01. නීති විරෝධි සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළ විශ්වවිද්‍යාල සිසුන්ට රජය විසින් මිලේච්ඡ ලෙස පහර දී තුවාල සිදු කිරීම හා අත් අඩංගුවට ගැනීම.
02. වෛද්‍ය සභාවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම.
03. සයිටම් ආයතනයේ හිටපු විධායක නිලධාරියා හා සම්බන්ධ වෙඩි තැබීමේ ජවනිකාවට අදාල චූදිතයන් හට නීතිය ක‍්‍රියාත්මක නොකිරීම.
04. වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළවෙළ.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සයිටම් ආයතනයේ පරිහරණය සඳහා රජයේ රෝහල් භාවිතා කිරීමට අවසර දීමට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අල්ලස් හා දුෂණ කොමිසමට සහ පොලීසියට කළ පැමිණිලිවලට අදාලව විධිමත් පරීක්ෂණයක් නොකිරීම. යන කරුණු කිහිපයක් සඳහා විරෝධය පළ කරමින් මෙම වරජනය ක්‍රියාත්මක විය.
මේ වෛද්‍ය වැඩ වර්ජනයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකොට තිබූ අන්දමයි.